මියන්මාරයේ සිටගු සයදාව් හි උප සංඝරාජ ස්වාමීන්ද්‍රයන් වන අති පූජ්‍ය ආචාර්ය අශීන් ඥානිස්සර හිමි ශ්‍රී ලංකාව වෙත ඇ.ඩො. 10,000 ක පරිත්‍යාගයක් පිරිනමයි

මියන්මාරයේ සිටගු සයදාව් හි උප සංඝරාජ ස්වාමීන්ද්‍රයන් වන අති පූජ්‍ය ආචාර්ය අශීන් ඥානිස්සර හිමි ශ්‍රී ලංකාව වෙත ඇ.ඩො. 10,000 ක පරිත්‍යාගයක් පිරිනමයි

ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මියන්මාරයේ සිටගු සයදාව් හි උප සංඝරාජ ස්වාමීන්ද්‍රයන් වන අතිපූජ්‍ය ආචාර්ය අශීන් ඥානිස්සර හිමි 2022 සැප්තැම්බර් 09 වැනි දින ශ්‍රී ලංකා රජය වෙත ඇ.ඩො. 10,000 ක (ඇමරිකානු ඩොලර් දස දහසක්) (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 3,679,200/-) මුදලක් පරිත්‍යාග කළේය.

මෙම මූල්‍ය පරිත්‍යාගය සිටගු සයදාව් හි අතිපූජ්‍ය අචාර්ය අශීන් ඥානිස්සර හිමියන් විසින් යැංගොන් හි පිහිටි සිටගු ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ දී මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මැතිතුමා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. තානාපතිවරයා මියන්මාරයේ උප සංඝරාජ ස්වාමින්ද්‍රයන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ දී මෙම පරිත්‍යාගය පිරිනමන ලදි.

මෙම පරිත්‍යාගය භාරගත් තානාපති ජනක බණ්ඩාර මැතිතුමා, මෙවැනි දුෂ්කර අවස්ථාවක් හමුවේ ශ්‍රී ලංකාව වෙත ඇ.ඩො.10,000ක මුදලක් පරිත්‍යාගකරමින් දැක්වූ සහයෝගය වෙනුවෙන් මියන්මාරයේ අති පූජ්‍ය ආචාර්ය සංඝරාජ ස්වාමීන්ද්‍රයන් වෙත සිය අවංක ස්තුතිය හා කෘතවේදීත්වය පළ කළේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

යැංගොන්

2022 සැප්තැම්බර් 15 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close