මහ කොමසාරිස් එස්. අමරසේකර මැතිතුමා දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රාමෆෝසා මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

මහ කොමසාරිස් එස්. අමරසේකර මැතිතුමා දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රාමෆෝසා මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

මහ කොමසාරිස් එස්. අමරසේකර මැතිතුමා තවත් රටවල් 08ක තානාපතිවරුන් සමඟ 2021 අප්‍රේල් 14 වැනි දින ප්‍රිටෝරියා හි සෙෆාකෝ එම් මක්ගතෝ ජනාධිපති අමුත්තන්ගේ මන්දිරයේ දී දකුණු අප්‍රිකානු ජනරජයේ ජනාධිපති සිරිල් රාමෆෝසා  මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීය.

දැඩි කොවිඩ්-19 සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත්වලට අනුකූලව මෙම උත්සවය අදියර දෙකකින් යුක්තව පැවැත්විණි. පළමු අදියරේ දී සෑම තානාපතිවරයකුටම හමුදා උත්තමාචාර පිරිනැමීමෙන් අනතුරුව ජනාධිපති රාමෆෝසා මැතිතුමාට හඳුන්වා දීම සඳහා ප්‍රේක්ෂකාගාරය වෙත කැඳවාගෙන යන ලද අතර, උත්සවයේ දෙවැනි අදියර වූයේ පූර්වගාමියා නැවත කැඳවීමේ ලිපි මෙන්ම මහ කොමසාරිස් අමරසේකර මැතිතුමාගේ අක්තපත්‍ර ජනාධිපති රාමෆෝෂා මැතිතුමා වෙත ඉදිරිපත් කිරීමයි.

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ අක්තපත්‍ර පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපති රාමෆෝසා මැතිතුමා සිය ශ්‍රී ලංකා සංචාරයන් පිළිබඳව සතුටින් සිහිපත් කළ අතර, දෙරටේ සංචාරක අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. මහ කොමසාරිස් අමරසේකර මහතා ඊට ප්‍රතිචාර දක්වමින් ජනතාව අතර අන්තර් ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීමේ වැදගත්කම සහ දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

මහ කොමසාරිස්වරයා සමඟ එතුමාගේ භාර්යාව වන හේමා අමරසේකර මැතිනිය ද මෙම උත්සවයට සහභාගී වූවාය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
ප්‍රිටෝරියා

2021 අප්‍රේල් 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close