භූ කමිපනයෙන් විනාශ වූ නේපාලයේ ආනන්ද කුටි විහාරය නැවතත් බැතිමතුන්ට විවෘතයි

භූ කමිපනයෙන් විනාශ වූ නේපාලයේ ආනන්ද කුටි විහාරය නැවතත් බැතිමතුන්ට විවෘතයි

නේපාලයේ 2015 සිදු වූ දරුණු භූ කමිපනයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වු ආනන්ද කුටි  විහාරයේ තැන්පත් කර තිබු සර්වඥ ධාතුන් වහන්සේ මෙතෙක් කල් රැකබලා ගත් නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉකුත් 6 වනදා නැවතත් සර්වඥ ධාතූන් වහන්සේ ආනන්ද කුටි විහාරයට වැඩම කරවීම උත්සවශ්‍රීයෙන් සිදු කෙරෙණි.

2015 නේපාලයේ සිදු වූ දරුණු භූ කම්පනයෙන් ‍ඵෙතිහාසික ආනන්ද කුටි විහාරය සම්පූර්ණයෙන් විනාශයට පත්වූ අතර දෙරට අතර පවතින ශක්තිමත් ද්විපාර්ශික හා බෞද්ධ ආගමික සබඳතා පිළිබිබු කරමින් ශ්‍රී ලංකා රජය විසින් එම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කරන ලදී. එම ප්‍රතිසංස්කරණ කාල පරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකාවෙන්ම මීට ඉහතදී පරිත්‍යාග කරන ලද සර්වඥ ධාතූන් වහන්සේගේ සුරත්ෂිත භාවය උදෙසා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තැන්පත් කර තිබූ අතර එම කාලය තුළ දෛනික පුද පූජා හා ආගමික වත් පිළිවෙත් තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරන ලදී.

ශ්‍රී ලංකා තානාපතිනි හිමාලී අරුණතිලක මහත්මිය ඉකුත් 6 වනදා සර්වඥ ධාතූන් වහන්සේ නැවත විහාරාධිපති මෛත්‍රී නායක ස්වාමීන්ද්‍රයන්ට භාරදෙන ලදී. අනතුරුව විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලාගේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ධාතූන් වහන්සේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යයේ ධාතු ගර්භයේ තැන්පත් කරන ලදී.

‍‍‍‍‍ඵෙතිහාසික ආනන්දකුටි විහාරය සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් හා දිගුකාලීන සබැඳියාව 1946 වසර ‍තෙක් අතීතයට දිවයන අතර නේපාලය තුළ ථේරවාද බුදු දහමේ පුනර්ජීවනය උදෙසා පූජ්‍ය නාරද මහානායක ස්වාමීන්ද්‍රයන්ගේ මැදිහත් වීම අතිමහත්ය. උන්වහන්සේගේ මූලිකත්වයෙන් මෙම විහාරස්ථානයේ ගොඩනගන ලද මුල් චෛත්‍යරාජයාණන් 1948 දී ලංකාරාම ස්ථුපය නමින් විවෘත කරන ලදී.

මෙම විශේෂ ආගමික උත්සවයට සාර්ක් මහලේකම් ඇසළ වීරකෝන් මහතාත්, තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ සාර්ක් මහලේකම් කාර්යාලයේ නිලධාරීන් ද සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

කත්මණ්ඩු

16 නොවැම්බර් 2020

 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close