බීරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳ සීමාවාසික පුහුණුවක් පවත්වයි

බීරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳ සීමාවාසික පුහුණුවක් පවත්වයි

කුසලතා නිරන්තරයෙන් ඉහළ නැංවීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින්, තානාපති කාර්යාලයේ සංස්කෘතික හා අධ්‍යාපනික වැඩසටහන් යටතේභාෂා හා සබැඳි රාජ්‍යතාන්ත්‍රිකභාවය, දිවුරුම් දුන් භාෂා පරිවර්තක සේවයේ වැදගත්කම, ඩිජිටල් පුරවැසිභාවය සහ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට අදාළ ඇඳුම් පැළඳුම් යනාදිය පිළිබඳ සීමාවාසික පුහුණුවක් ජොඑල් අසීස් පරිවර්තන සමාගමේ සහයෝගයෙන්  ලෙබනනයේ බීරූට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පවත්වන ලදි. ජොඑල් අසීස් මහතා, අචාර්ය අයූබ් හිට්ටි මහතා සහ නතාලි රබි මුකාර්සල් මහත්මිය යනාදීහු මෙම සමාගම නියෝජනය කළ සම්පත් දායකයන් වශයෙන් මීට සහභාගී වූහ.

බහු භාෂක පසුබිමක් තුළ රාජ්‍යතාන්ත්‍රික කටයුතු හා සබැඳි භාෂා, පරිවර්තනයේ දී නිරවද්‍යතාවය සම්බන්ධයෙන් පවත්නා වැදගත්කම, ඩිජිටල් පුරවැසිභාවය හා රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ රාජ්‍යතාන්ත්‍රික පසුබිමක් තුළ ඇඳුම් පැළඳුම් ආශ්‍රිත වැදගත්කම යනාදී මාතෘකා මෙහිදී ආවරණය කෙරිණි.

මෙම වැඩසටහන තානාපතිවරයා, දූත මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 2022 අප්‍රේල් 28 වැනි දින පවත්වන ලදි. තවද, සහභාගී වූ සියලුම දෙනාට වටිනා සහතික පත්‍රයක් ද පිරිනමන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීරූට්

2022 මැයි 04 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close