තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා මොංගෝලියාවේ ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර ලිපිය පිළිගන්වයි

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා මොංගෝලියාවේ ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර ලිපිය පිළිගන්වයි

මොංගෝලියාවේ තානාපතිවරයා වශයෙන් සමගාමීව අක්ත ගන්වන ලද ආචාර්ය පාලිත කොහොන මැතිතුමා 2022 අප්‍රේල් 27වැනිදින මොංගෝලියාවේ ජනාධිපති කුරේල්සුක් උක්නා මැතිතුමා වෙත සිය අක්තපත්‍ර ලිපිය පිළිගැන්වීය. මෙම අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවය රාජ්‍ය මන්දිරයේදී පවත්වන ලදි. එහිදී චාරිත්‍රානුකූල ආචාර  පෙළපාලියක් නිරීක්ෂණය කළ තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා අනතුරුව ජනාධිපති කුරේල්සුක් උක්නා මැතිතුමා සමඟ පැවති දීර්ඝ හමුවකටද සහභාගි විය. මෙම හමුවේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උණුසුම් සුබපැතුම් මොංගෝලියාවේ ජනාධිපතිවරයා වෙත පළකළ තානාපතිවරයා, සංචාරක සීමා ලිහිල්කිරීමෙන් අනතුරුව රාජ්‍ය සංචාරයක නිරත වීම මගින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කරගැනීමට යෝජනා කළේය.

ආසියානු සහ පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අමාත්‍යවරයා සහ අධ්‍යක්ෂවරයාද හමුවූ තානාපති කොහොන මැතිතුමා ඩෑඩ් හම්බාලාමා ස්වාමීන්ද්‍රයන්  (උලෑන්බාටර් හි පිහිටි විහාරස්ථානයේ නියෝජ්‍ය නායක) සහ ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා හමුවීමට ද කටයුතු කළේය.

සංචාරය සඳහා අග්නිදිග ආසියාවට නිරන්තරයෙන් පැමිණෙන මොංගෝලියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කළ තානාපතිවරයා, තේ පානය මධ්‍යම පාන්තිකයන් අතර නව ප්‍රවණතාවක් බවට පත්වෙමින් තිබෙන හෙයින්,තේ අපනයනය ඉහළ නැංවීමේ අවශ්‍යතාව පිළිබඳව ද සඳහන් කළේ ය. පසුව උලෑන් බාටර් හි පිහිටි ලංකා තේ (Naira) අලෙවිකරන ජනප්‍රිය වෙළඳසැලක සංචාරයක නිරත වූ තානාපතිවරයා ලංකා තේ බෙදාහරින්නෙකු ද හමුවිය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2022 මැයි 04 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close