බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය, ආහාර කලාව සහ ලංකා තේ ප්‍රවර්ධනය කිරීම සඳහා බ්‍රසීල මාධ්‍ය සමඟ ජාලගත වේ

 බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය, ආහාර කලාව සහ ලංකා තේ ප්‍රවර්ධනය කිරීම සඳහා බ්‍රසීල මාධ්‍ය සමඟ ජාලගත වේ

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, වෙළෙඳාම සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන්වල අංගයක් ලෙස ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය, ආහාර කලාව සහ ලංකා තේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බ්‍රසීලයේ මුද්‍රිත සහ විද්‍යුත්  මාධ්‍යවේදීන් සමඟ ජාලකරණ සැසියක් පැවැත්වී ය. එය 2022 දෙසැම්බර් 21 වැනි දින තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

මාධ්‍යවේදීන් අමතා සිය අදහස් පළ කළ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මැතිතුමා, ශ්‍රී ලංකාව මේ වන විට පූර්ව වසංගත යුගය තුළ  ස්ථායිතා මට්ටමට පැමිණ ඇති බවත්, ලොව පුරා සිටින සංචාරකයන් විශාල සංඛ්‍යාවක් පිළිගැනීමට මෙරට සූදානමින් පසුවන  බවත් සඳහන් කළේ ය. තවද එතුමා වෙළෙඳ සහ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව අනෙකුත් රටවල් අතර ප්‍රවර්ධනය කිරීම සඳහා එක් වන ලෙස පැමිණ සිටි පිරිසට ආරාධනා කළේ ය. ප්‍රශ්නෝත්තර සැසිය අතරතුර මාධ්‍යවේදීන්ට ප්‍රතිචාර දැක්වූ තානාපති සුමිත් දසනායක මැතිතුමා, නුදුරු දිනක බ්‍රසීල මාධ්‍යවේදීන් පිරිසකට ශ්‍රී ලංකාව පිළිබඳව දැන හැඳිනගැනීම සඳහා සංචාරයක නිරත වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීමේ හැකියාව පිළිබඳව ද සඳහන් කළේ ය.

තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක (වාණිජ්‍ය) ලංකා තේවල ඉතිහාසය, නෙළා ගත් තේ දළුවලින් තේ කෝප්පයක් සකස් කිරීම තෙක් සිදු කරන ක්‍රියාවලිය සහ ලංකා තේවල සුවිශේෂී ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කරමින් කරමින් වැඩමුළුවක් පැවැත්වී ය. මෙම වැඩසටහන ශ්‍රී ලාංකික රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ තේ රස බැලීමේ වැඩසටහනක් පැවැත්වීමෙන් අනතුරුව අවසන් වූ අතර එහිදී විවිධ වර්ගයේ ලංකා තේ සාම්පලවල රස බැලීමට ආරාධිතයන්ට හැකි විය. පැමිණ සිටි ආරාධිතයන් සිය පුළුල් ග්‍රාහක සහ අනුගාමික පිරිස වෙත ළඟා වෙමින් සිය සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ මෙම වැඩසටහනේ සජීවී තොරතුරු යාවත්කාලීන කළහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසීලය

2022 දෙසැම්බර් 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close