පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හා මොස්කව් නුවර සායනක රෝහල අතර වෛද්‍ය පර්යේෂණ හා ප්‍රතිකාර පිළිබඳ අත්දැකිම් බෙදා ගැනීමේ වැඩසටහනක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හා මොස්කව් නුවර සායනක රෝහල අතර වෛද්‍ය පර්යේෂණ හා ප්‍රතිකාර පිළිබඳ අත්දැකිම් බෙදා ගැනීමේ වැඩසටහනක්

          

ශ්‍රී ලංකාව හා මොස්කව් නුවර වෛද්‍ය පර්යේෂණ හා ප්‍රතිකාර පිළිබඳ අත්දැකිම් බෙදා ගැනීමේ වැඩ සටහනක් ඉකුත් සතියේ ආරමිභ විය. මෙහි ප්‍රථම වැඩසටහන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හා මොස්කව් නුවර අංක 52 සායනක රෝහල අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ  ළමා රෝග, වකුගඩු බද්ධ කීරිම, ප්‍රතිශක්තිකරණය හා රසායනාගාර කටයුුතු ආදි විෂයයන් රැසක අත්දැකීම් බෙදා ගනු ලැබීය.

රුසියානු සමුහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති විශේෂඥ වෛද්‍ය මහචාර්ය එම්.ඩි. ළමාවංශ මහතා ගේ මෙහෙයවීම අනුව මෙම වෛද්‍ය පර්යේෂණ හා ප්‍රතිකාර අත්දැකීම් හුවමාරු වැඩසටහන ආරම්භ කර ඇත. ඉකුත් 5දා පැවැති මෙහි මුල්ම වැඩ සටහනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහචාර්ය ආසිරි අබේගුණවර්ධන ළමා අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය තුෂාර කුඩගමමන, ළමා වෘක්කවේද වෛද්‍ය ෂෙනාල් තල්ගහගොඩ, වැඩිහිටි වෘක්කවේද වෛද්‍ය රංජිත් අබේසේකර, වකුගඩු ව්‍යාධිවේදි වෛද්‍ය සුලෝචනා විජේතුංග, ප්‍රතිශක්ති විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සංජය අධිකාරි, ක්ෂුද්‍රජීව විද්‍යාව හා රසායනාගාර ප්‍රිශක්ති විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චම්පා රත්නතුංග යන මහත්ම මහත්මීන් සමඟ මොස්කව් අංක 52 සායනික රෝහලේ සභාපති මහාචාර්ය විලැඩිමීර් විටෝරෙන්කෝ, අසාත්මික හා ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානි වෛද්‍ය චාරියා ෆෝමිනා, වකුගඩු බද්ධ කීරීමේ ව්‍යාධි විද්‍යාව පිළිබඳ විද්‍යාත්මක මධ්‍යස්ථානයේ ප්‍රධානි ඔලෙක් කොටෙන්කෝ ජාත්‍යන්තර සහයෝගිතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානි වෛද්‍ය වට්යානා කිරිලෝවා යන මහත්ම මහත්මින් මෙම වැඩ සටහනට සම්බන්ධ  වී සිටියහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

2020 ඔක්තෝබර් 14 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close