දකුණු අප්‍රිකාවේ ලංකා තේ ප්‍රචලිත කීරීමට පියවර ගැනේ

දකුණු අප්‍රිකාවේ ලංකා තේ ප්‍රචලිත කීරීමට පියවර ගැනේ

 

“ලංකා තේ නිරූපණ හා රස බැලීමේ” උත්සවයක් දකුණු අප්‍රිකාවේ බෘක්ලින් සාප්පු සංකීර්ණයේදී ඉකුත් මාර්තු 27 වැනි දා පැවැත්විණ. එහිදී, තේ අලෙවිකරුවන් නියෝජනය කරමින් දකුණු අප්‍රිකාවේ ප්‍රමුඛ පෙළේ ලංකා තේ සන්නාම ද්විත්වයක් වන "ඩිල්මා" සහ "බැසිලූර්" ඔවුන්ගේ නවතම සහ දැනට පවත්නා නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා දූත කාර්යාලය සමඟ අත්වැල් බැඳ ගනු ලැබිණි.

රුසියානු තානාපති ඉල්යා රාගචෙෆ්, ඉරාන තානාපති මෙහඩි අගා ජෆාරි සහ මොරිෂස් හි මහ කොමසාරිස් (ආචාර්ය) ප්‍රකාමාර්ජිත් විජේ ලච්මන් යන මහත්වරුන් විශේෂ ආරාධිත අමුත්තන් ලෙසින් එම අවස්ථාවට සහභාගි වූහ. එමෙන්ම, ශ්‍රී ලංකා තේවලට ප්‍රිය කරන බොහෝ පිරිසක්ද එම අවස්ථාවට සහභාගීව, විවිධ ප්‍රභේදයන්ගේ ලංකා තේ රස බැලූහ.

දකුණු අප්‍රිකාවේ තේ පරිභෝජනය සාමාන්‍යයෙන් වසරකට මෙට්‍රික් ටොන් 27,000 වන අතර, එරට සමස්ත තේ ඉල්ලුමෙන් 10% ක ප්‍රමාණයක් සපුරාලීම සඳහා ශ්‍රී ලංකාව දායක වේ. දකුණු අප්‍රිකාවේ උණුසුම් පාන වෙළෙඳ පොළෙහි වටිනාකම වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් වන අතර, එම වෙළෙඳ පොළෙන් 5.8% ක් තේ හිමිකර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව හැරුණු විට මලාවි, සිම්බාබ්වේ, ටැන්සානියාව සහ කෙන්යාව යන රටවල් දකුණු අප්‍රිකාවට තේ අපනයනය කරන ප්‍රධානතම රටවල් වන අතර, එම රටවල් සියල්ල එක්ව, වසරකට මෙට්‍රික් ටොන් 14,000 සිට 18,000 දක්වා ප්‍රමාණයක් එරටට තේ අපනයනය කරයි. සිලෝන් බ්ලෙන්ඩ් සහ පියෝ සිලොන් බ්‍රෙක්ෆස්ට් ටී ඇතුළු තේ ප්‍රභේද ගණනාවකින් සමන්විත, වෙළෙඳ පොළ කොටසෙන් 50% කට වඩා පවතින දකුණු අප්‍රිකාවේ ඉහළම තේ සන්නාමය ෆයිව් රෝසස් වේ.

දකුණු අප්‍රිකානු කලාපයේ ලංකා තේ මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ, උණුසුම් පාන වෙළෙඳපොළෙහි ආධිපත්‍යය දරන අවම පාරිභෝගික උනන්දුව සහ කෝපි වෙළඳපොළ විසින් ඉන් සැලකිය යුතු කොටසක් සපුරාලීමයි. එබැවින් උණුසුම් පාන වෙළෙඳපො‍ළ විනිවිද යාමට නම්, විවිධ පාරිභෝගික කණ්ඩායම්වල අවශ්‍යතා නංවාලීම සඳහා උපායමාර්ගික ප්‍රවර්ධනය කිරීම අවශ්‍ය වේ. මෙම කලාපයේ ඒක පුද්ගල ආදායම වැඩි කිරීම මගින් අගය එකතු කළ තේ සඳහා නව වෙළෙඳ පොළ අනුඛණ්ඩ විවෘත විය හැකි අතරම,වෙනස්වන ජීවන රටාවන්, ආකර්ෂණීය සහ වෙනස් නිෂ්පාදන සඳහා ඉක්මනින් අනුවර්තනය වීමට ඉවහල් වේ. වාර්ෂිකව මිලියන 25 ක සංචාරක පැමිණීමක් සහිත සංචාරක කර්මාන්තය, ලංකා තේ සඳහා මීළඟ ඉලක්ක වෙළෙඳපොළ විය යුතුය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ප්‍රිටෝරියා

06 අප්‍රේල් 2021

Print Friendly, PDF & Email
Please follow and like us:

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close