දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියාවේ පැවති කෝට්නි ජාත්‍යන්තර දිනය අතරතුර ලංකා තේ සහ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරේ

දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියාවේ පැවති කෝට්නි ජාත්‍යන්තර දිනය අතරතුර ලංකා තේ සහ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරේ

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, 2022 ඔක්තෝම්බර් 29 වැනි දින ප්‍රිටෝරියාවේ පැවති කෝට්නි ජාත්‍යන්තර දිනයට සහභාගී විය. PEN Charity වැනි ජාත්‍යන්තර සංවිධාන සහ නවසීලන්තය, මැලේසියාව, ටියුනීසියාව, දකුණු අප්‍රිකාව, ආර්ජන්ටිනාව, යුක්රේනය, ලෙසතෝ, ඉතියෝපියාව සහ මලාවි ඇතුළු අනෙකුත් රටවල දූත මණ්ඩල ද මෙම අවස්ථාවට සහභාගී විය. රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ද ඇතුළුව ප්‍රිටෝරියාවේ සහ ජොහැන්නස්බර්ග් හි පදිංචිකරුවන් 400 දෙනෙකු පමණ මෙම අවස්ථාවට සහභාගී වූහ.

 ලංකා තේ, සංචාරක ව්‍යාපාරය පිළිබඳ තොරතුරු, වර්ණවත් ධජ, සේසත් සහ හස්ත කර්මාන්තවලින් සමන්විත වූ ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය විශාල ආකර්ෂණයක් ලබාගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්ය මණ්ඩලය විසින් පවත්වන ලද ප්‍රශ්නෝත්තර තරගයෙන් ජය ලැබූ ජයග්‍රාහකයින් සඳහා තේ පැකට්ටු නොමිලේ ප්‍රදානය කරන ලදී. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයෙන් ලද සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ අත් පත්‍රිකා ද මෙම අවස්ථාවට සහභාගීවූවන් අතර බෙදා හරින ලදී.

ගෝලීය සංචාරක ව්‍යාපාරයෙන් 30%ක්, ගෝලීය සංචාරක ගමනාන්ත සතු ආහාර සංස්කෘතියට අදාළව ආකර්ෂණය හිමි කරගෙන ඇති බව පෙන්වන පර්යේෂණවලට අනුව යමින්, ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය නැරඹීමට පැමිණි පිරිසට ශ්‍රී ලාංකික කෙටි ආහාර (මාළු කට්ලට් සහ කොකිස්) සහ උණුසුම් ලංකා තේ පිරිනමන ලදී.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ප්‍රිටෝරියා

2022 නොවැම්බර් 03 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close