තුර්කිය ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීමට යයි

තුර්කිය ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීමට යයි

ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක අංශයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා තුර්කියේ එකඟතාව පල කර ඇත. තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම් රිස්වි හසන් මහතා තුර්කියේ ජාතික ආරක්ෂක අමාත්‍ය හුලුසි අකාර් මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කර තිබේ. තානාපතිවරයා 2021 අප්‍රේල් 14 වැනිදා  අන්කාරා හිදී තුර්කියේ ජාතික ආරක්ෂක අමාත්‍ය ගරු හුලූසි අකාර් මහතා හමුවිය.

තානාපති හසන් මැතිතුමා දෙරට අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ඵලදායී සාකච්ඡාවක් පැවැත්වීය. මෙම රැස්වීමේ දී ජාතික ආරක්ෂක අමාත්‍යවරයා, තුර්කි ආරක්ෂක නිමැවුම් කර්මාන්තයේ ප්‍රවණතා, ලැයිස්තුගත ත‍්‍රස්ත සංවිධානවලට එරෙහි ත‍්‍රස්ත මර්දන මෙහෙයුම්වල සාර්ථකත්වය, ඉහළ මට්ටමේ හමුදා නියෝජිත හුවමාරු සහ ඉස්තාන්බුල් හි පැවැත්වීමට නියමිත 15 වැනි ජාත්‍යන්තර ආරක්ෂක කර්මාන්ත ප්‍රදර්ශනය 2021 (IDEF) සඳහා වන විධිවිධාන පිළිබඳ තොරතුරු බෙදාහදා ගත්තේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
අන්කාරා

2021 අප්‍රේල් 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close