තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිනිය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිනිය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

2021 අප්‍රේල් 12 වැනි දින පැරීසියේ එලීසි මාළිගාවේ දී පැවති උත්සවයක දී තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිනිය සිය අක්තපත්‍ර ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මැතිතුමා වෙත පිළිගැන්වූවාය.

පැමිණ සිටි තානාපතිවරුන්ගේ කණ්ඩායම අමතමින් ජනාධිපති මැක්‍රොන් මැතිතුමා ප්‍රංශය සමඟ ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කර ගැනීම සඳහා ක්‍රියාකාරීව නිරත වන ලෙස සියලු තානාපතිවරුන් දිරිමත් කළේය.

තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිනිය සිය අක්තපත්‍ර පිළිගන්වමින් ජනාධිපතිතුමා වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුබ පැතුම් එක් කළ අතර, විශේෂයෙන් ආයෝජන ප්‍රවර්ධනය, වෙළඳ හා සංචාරක යන ක්ෂේත්‍රයන්හි ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා තම කැපවීම ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් එතුමිය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස පත් කරනු ලැබීමත් සමඟ, ඇන්ඩෝරා හි කුමාර රාජ්‍යය සඳහා මෙන්ම යුනෙස්කෝව සඳහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය ලෙස ද සමගාමීව අක්ත ගන්වන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
පැරිස්

2021 අප්‍රේල් 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close