තානාපති එන්.එල්. ගොඩ්ෆ්‍රි කුරේ මැතිතුමා අයිස්ලන්ත ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති එන්.එල්. ගොඩ්ෆ්‍රි කුරේ මැතිතුමා අයිස්ලන්ත ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

අයිස්ලන්ත ජනරජය සඳහා වන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති  තානාපතිවරයා ලෙස අක්ත ගන්වන ලද තානාපති එන්.එල්. ගොඩ්ෆ්‍රි කුරේ මැතිතුමා 2021 නොවැම්බර් 10 වැනි දින රේක්ජාවික් හි පිහිටි අයිස්ලන්ත ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයක දී අයිස්ලන්තයේ ජනාධිපති ගුඕනි ත්. ජොහෑන්සන් මැතිතුමා  වෙත සිය අක්තපත්‍ර ලිපිය පිළිගැන්වීය. මෙහිදී සිය අක්තපත්‍ර පිළිගැන්වූ තානාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුබපැතුම් අයිස්ලන්ත ජනාධිපතිවරයා වෙත  පිරිනැමීය.

අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව තානාපති කුරේ මැතිතුමා සහ ජනාධිපති ජොහෑන්සන් මැතිතුමා දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ක්ෂේත්‍ර පිළිබඳව සහ විශේෂයෙන්ම නීල ආර්ථිකයේ සහ ධීවර කර්මාන්තයේ සියලුම අංශ පිළිබඳව සාකච්ඡා පැවැත්වීය. ශ්‍රී ලංකාවේ පවතින වසංගත තත්ත්වය සහ එය වළක්වා ගත හැකි ක්‍රම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. දේශගුණික විපර්යාස, පුනර්ජනනීය බලශක්තිය, මානව හිමිකම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සම්බන්ධයෙන් අයිස්ලන්තය දරන අදහස් ද මෙහිදී සඳහන් කෙරිණි.

තානාපතිවරයා අයිස්ලන්තයේ නිත්‍ය රාජ්‍ය ලේකම් මාර්ටින් ඉයෝල්ෆ්සන් මහතා, ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල්වරයා, සමුද්‍ර හා මිරිදිය පර්යේෂණ ආයතන සහ ධීවර පුහුණු වැඩසටහන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිතුමා, අයිස්ලන්ත සාගර පොකුරු මණ්ඩලයේ සභාපතිවරයා, එක්සත් ජාතීන්ගේ සංගමයේ භූ තාප පුහුණු වැඩසටහනේ පීඨාධිපතිතුමා, යුනෙස්කෝ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා අධ්‍යයන සහ පුහුණු වැඩසටහනේ පීඨාධිපතිතුමා සහ අයිස්ලන්තයේ සංචාරක නියෝජිතයන් සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වී ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ඔස්ලෝ

2021 නොවැම්බර් මස 19 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close