ටෝකියෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ‘තෛයිපොංගල්’ උත්සවය සමරයි

ටෝකියෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ‘තෛයිපොංගල්’ උත්සවය සමරයි

ටෝකියෝ හි  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජපානයේ ශ්‍රීලංකා ශිෂ්‍ය සංගමය සමඟ එක්ව 2022 ජනවාරි 13 වැනි දින සිය තානාපති කාර්යාල පරිශ්‍රයේදී “තෛපොංගල්”උත්සවය දෙමුහුන් ආකෘතියක් යටතේ සැමරුවේ ය. “තෛපොංගල්”උත්සවයේ වැදගත්කම පිළිබඳව සිදු කළ කෙටිහැඳින්වීමකින්, සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් සහ අතිපූජ්‍ය ආචාර්ය පරණගම සීවලීධම්ම ස්වාමීන් වහන්සේ සිදු කළධර්ම දේශනාවකින් මෙමඋත්සවය ආරම්භ කෙරිණි.

මෙහිදී “අපිට රටක්” නමැති තේමාව යටතේ ජනවාර්ගික සහ ජීවනය විදහාදැක්වෙන කෙටිනාට්‍යයක්ද ඉදිරිපත් කෙරිණි. ජපානයේ වෙසෙන සිසුන් විසින් දෙමළ සහ සිංහල ජනගී ගායනා කරන ලදි. ශ්‍රී ලංකාවේ සිසුන් දෙදෙනෙකු ශ්‍රී ලංකාවේ සිට අතථ්‍ය අයුරින් ඉදිරිපත් කළ අතථ්‍ය අංගයක් ද මෙහිදී විකාශනය කෙරිණි. ජපානයේ සියලුම ශ්‍රී ලාංකික සංගම්වල නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගීවූ අතර තවත් බොහෝ දෙනෙකු Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධවූහ.

වසර 2200කට අධික ඉතිහාසයක් සහිත, ඉන්දියාවේ “සංගම්”යුගය දක්වා දිව යන “තෛපොංගල්”උත්සවය සැමරීමේ ඓතිහාසිකමය වැදගත්කම තානාපතිවරයා මෙහිදී පැහැදිලිකළේය. ශ්‍රී ලංකාව බහුවාර්ගික සහ බහුආගමික සමාජයක් වනබැවින් සියලු ආගම් හා වාර්ගික සම්ප්‍රදායන් සැමරීමේ වැදගත්කමද  එතුමා  අවධාරණය කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෝකියෝ

2022 ජනවාරි 19 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close