ජෝර්දානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කරයි

 ජෝර්දානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් අත්‍යවශ්‍ය ඖෂධ තොග පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.

ජූලි මස 19 වැනි දින මෙරටට එවන ලද මෙම අත්‍යවශ්‍ය ඖෂධ තොගය තානාපති කාර්යාලයේ සාමූහික ප්‍රයත්නය මත සිදු කිරීමට හැකි වූ අතර, ජෝර්දානයේ පිහිටි ඇඟලුම් කම්හල් කිහිපයක් මෙම උතුම් කර්තව්‍යය සඳහා සිය දායකත්වය ලබා දෙනු ලැබීය.

මෙය කොවිඩ් 19 වසංගතය අතරතුර සිදු කරන ලද පරිත්‍යාග හතර ද ඇතුළුව තානාපති කාර්යාලය මඟින් සංවිධානය කරනු ලැබූ පස්වන පරිත්‍යාගයයි.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජෝර්දානය

 

2022 ජූලි 25 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close