ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සූම් තාක්ෂණය හරහා නත්තල් සැමරුම් උත්සවයක් පවත්වයි

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සූම් තාක්ෂණය හරහා නත්තල් සැමරුම් උත්සවයක් පවත්වයි

ශ්‍රී ලංකාවේ සහ ජෝර්දාන දරුවන් සඳහා නත්තල් උත්සවයක් 2020 දෙසැම්බර් 19 වන දින ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් අම්මාන් හි අබ්දුල් හමීඩ් ෂෝමන් පදනමේ පුස්තකාලයේ දී සූම් තාක්‍ෂණය හරහා පවත්වන ලදී.

මෙහිදී, ශ්‍රී ලංකාවේ ‘පවර් ඔෆ් ප්ලේ’ රඟහල් සමූහය තථ්‍ය කාලීනව දරුවන් සමඟ සම්බන්ධ වී සිංහලදෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ගායනා කරන ලද සුප්‍රසිද්ධ නත්තල් ගී මුසුවක් ගායනා කිරීම තුළින් මෙම උත්සව අවස්ථාව ප්‍රීතිමත් විය.

සීමාසහිත පවර් ඔෆ් ප්ලේ (පුද්) සමාගමේ නිර්මාතෘ හා කලා අධ්‍යක්‍ෂ සුලෝචනා දිසානායක මහත්මිය විසින් මෙහෙයවන ලද ඉතා විනෝදජනක අන්තර් ක්‍රියාකාරී ඉදිරිපත් කිරීම අතරතුර දීශ්‍රී ලංකා කතුවරියක වන කුමුදු ද සිල්වා මහත්මිය විසින් රචිත “ඔබේ සීනුව සොයාගන්න” යන ග්‍රන්ථය පදනම් කරගත් අන්තර්ජාලය ඔස්සේ රඟ දක්වන ලද රූකඩ සන්දර්ශනයත් සමඟ ගීතනැටුම් හා කලා කෘති තුළින් දරුවන්ට තම අදහස් ප්‍රකාශ කරමින් එක් වීමට හැකි විය. 

ළමුන් 40 දෙනෙකුට අධික පිරිසක් සූම් තාක්ෂණය හරහා මෙම අවස්ථාවට සහභාගී වූ අතර, දරුවන් කිහිප දෙනෙක් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ෂෝමන් පදනමේ දැනුම් මාර්ග පුස්තකාලයේ දී ඊට සහභාගී වූහ.

මෙම අවස්ථාවට විශාල සාර්ථකත්වයක් ලබා දෙමින්සූම් අන්තර්ජාල වේදිකාව සහ තාක්ෂණික සහාය නොමිලයේ ලබා දීම සඳහා අබ්දුල් හමීඩ් ෂෝමන් පදනම දායක විය.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ජෝර්දානය

2020 දෙසැම්බර් 23 වැනි දින

 

 

 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close