ජෝර්දානයේ දී නිෂ්පාදනය කරන ශ්‍රී ලංකා බෝට්ටු පිළිබදව විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙයි

ජෝර්දානයේ දී නිෂ්පාදනය කරන ශ්‍රී ලංකා බෝට්ටු පිළිබදව විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙයි

ජෝර්දාන සමාගමකට ශ්‍රී ලංකාවේ විශේෂිත බෝට්ටු නිෂ්පාදන හැකියාවන් විදහා දැක්වීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ලබා දුන් ක්‍රියාකාරී පහසුකම් පදනම් කර ගනිමින් ඉකුත් 06 වනදා සූම් තාක්ෂණය හරහා රැස්වීමක් පැවැත්විණ. ජෝර්දානයේ දී ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන හැකියාවන් පිළිබඳව මේ වන විට විවිධ කරුණු ඉස්මතු කර ගෙන ඇත.

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය,  ජෝර්දාන්, ඉරාක සහ සවුදි අරාබි වෙළඳපොළ සඳහා බෝට්ටු නිෂ්පාදන ස්ථාන පිළිබඳව සොයා බලා ආනයනය කරන, අකාබා වරාය නගරයේ පිහිටි බෝට්ටු ආනයනය කරන ජෝර්දාන් සමාගමකට ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන අවස්ථාව ලබා දී ඇත. මුහුදේ ඊසානදිග කෙළවරේ පිහිටා ඇති අකාබා නගරය ජෝර්දානයේ එකම වරාය වන අතර, ජෝර්දාන වෙළඳපොළට පිවිසෙන මූලික දොරටුව ද වේ.

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානිකා දිසානායක මැතිනිය සමඟ, නීල් මැරීන්, දනුෂා සමූහය, බීඒඑෆ්එෆ් පොලිමෙක් සහ සොලස් මැරීන් යන සමාගම්වල නියෝජිතයෝ මෙම සාකච්ඡාව සඳහා එක් වූහ. අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රේමතිලක මහත්මිය ඇතුළු කණ්ඩායම ද පුළුල් ලෙස මෙම සාකච්ඡාවලට එක්විය.

ආර්ථික රාජ්‍යතාන්ත්‍රික අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන අංශයේ විය හැකි ආර්ථික විභවය උපයෝගී කර ගැනීම සඳහා ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙම රැස්වීම සංවිධානය කරන ලදී.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ජෝර්දානය

2021 ජනවාරි 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close