ජීජැන්ග් හි චින්ටියැන්ග් හිදී පවත්වන ලද ගෝලීය වශයෙන් වැදගත් වන කෘෂිකාර්මික උරුම පද්ධති පිළිබඳ සමුළුව

ජීජැන්ග් හි චින්ටියැන්ග් හිදී පවත්වන ලද ගෝලීය වශයෙන් වැදගත් වන කෘෂිකාර්මික උරුම පද්ධති පිළිබඳ සමුළුව

ගෝලීය වශයෙන් වැදගත් වන කෘෂිකාර්මික උරුම පද්ධති පිළිබඳ සමුළුව 2022 ජූලි 18 වැනි දින චීනයේ ජීජැන්ග් හි චින්ටියැන්ග් හිදී පැවැත්විණි. මෙහිදී, රැස්ව සිටි පිරිස ඇමතූ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, ඉදිරිපත් කිරීමක් සිදු කළේය. එහිදී, ගෝලීය වශයෙන් වැදගත් වන කෘෂිකාර්මික උරුම පද්ධතියක් ලෙස ආහාර හා කෘෂිකාර්මික සංවිධානය (FAO) විසින් ලැයිස්තුගත කරන ලද ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ප්‍රපතන වාරි පද්ධතිය (සැලකිය යුතු ලෙස තවමත් භාවිතයේ පවතින) කෙරෙහි ප්‍රධාන අවධානය යොමු කෙරිණි. ආහාර හා කෘෂිකාර්මික සංවිධානය තුළ ගෝලීය වශයෙන් ලැයිස්තුගත කොට ඇති පද්ධති 65 න් 18 ක් චීනය සතු ය‍.

සහභාගී වූ පිරිස හූෂු ප්‍රදේශය තුළ සිදු කෙරෙන සේද පණුවන් අභිජනනය, සේද නූල් කැටීම සහ සම්බන්ධිත මත්ස්‍ය පොකුණු පද්ධතිය නැරඹීම සඳහා සංචාරයක නිරත වූහ. තවද, ඔවුහු ආකර්ෂණීය හා ප්‍රබෝධමත් ලෝන්ග් ශියැන්ග් ගම්මානයේ සහල් වගාව සහ සමීපව සම්බන්ධ කොට ඇති කාප් මත්ස්‍ය වගා ක්‍රමය නැරඹීම සඳහා ද සහභාගී වූහ. ආහාරයට ගත හැකි කාප් මත්ස්‍ය වර්ග හතරක් මෙම ගම්මානයේ ජනතාව විසින් වගා කරනු ලැබේ. මෙහි සිදු කෙරෙන ඒකාබද්ධ ගොවිතැන් ක්‍රමය රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා උපකාරී වේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2022 ජූලි 21 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close