චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය තෛපොංගල් උත්සවය සමරයි

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය තෛපොංගල් උත්සවය සමරයි

 තෛපොංගල් උත්සවය යනු සරුසාර අස්වැන්නක් ලබා දීමට දායක වූ සූර්යයා, ස්වභාධර්ම මාතාව සහ ගොවිපොළ සත්ත්වයින් පිදීම සඳහා සිව් දිනක් මුළුල්ලේ සමරනු ලබන උත්සවයකි. සෑම වසරක ම ජනවාරි මාසයේ දී, එනම් සහල්, උක්, කහ යනාදී බෝගවල අස්වනු නෙළනු ලබන කාලයේ දී මෙම උත්සවය සමරනු ලබයි. ‘තෛපොංගල්’ නමින් හැඳින්වෙන මෙම උත්සවයේ දෙවන දිනය හින්දු දෙවිවරයෙකු වන ‘සූර්යා’ (සූර්යයා) වෙනුවෙන් කැප කර ඇත. මෙය සූර්යයාට කෘතගුණ පිරිනමමින් සෞභාග්‍යය, ධනය සහ ප්‍රීතිය නිමිති කොටගෙන දකුණු ඉන්දියාවේ මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබන උත්සවයකි.

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය 2022 ජනවාරි මස 12 වන දින උදෑසන චාන්සරි පරිශ්‍රයේ දී තෛපොංගල් උත්සවය සැමරීය. උත්සවයට අදාළ සියලුම චාරිත්‍ර වාරිත්‍ර නියෝජ්‍ය මහ කොමසාරිස්  ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මහතා සහ ඔහුගේ භාර්යාව විසින් සිදු කරන ලදි. චෙන්නායි හි ශ්‍රී ලංකා දූත කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර සාම්ප්‍රදායික දකුණු ඉන්දීය ප්‍රණීත ආහාරපාන සංග්‍රහයෙන් අනතුරුව මෙම උත්සවය අවසන් විය.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2022 ජනවාරි 18 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close