එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය දකුණු සහ මධ්‍යම ආසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පොදුරාජ්‍ය මණ්ඩලය සඳහා වන විදේශීය, පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ සංවර්ධන කාර්යාලයේ (FCDO) රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

දකුණු සහ මධ්‍යම ආසියාව, එක්සත් ජාතීන්ගේ සහ පොදුරාජ්‍ය මණ්ඩලය සඳහා වන රාජ්‍ය අමාත්‍ය විම්බල්ඩන් හි අහමඩ් සාමිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට ප්‍රථම එනම්, 2022 ජනවාරි 1 වැනි දින එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිණිය  විදේශීය, පොදුරාජ්‍ය මණ්ඩලයීය හා සංවර්ධන කාර්යාලයේදී එතුමා හමු වූවාය.

එක්සත් රාජධානියේ සමාගම් සඳහා ශ්‍රී ලංකාව තුළ පවතින ආයෝජන අවස්ථා, දෙරට අතර පවත්නා දේශපාලනික සබඳතා වැඩි දියුණු කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ හවුල්කාරිත්වය, එක්සත් රාජධානිය තුළ ශ්‍රී ලාංකිකයන් සඳහා රැකියා අවස්ථා,ඉදිරියේ දී රුවන්ඩාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව (CHOGM) සහ බර්මින්හැම් හි පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල යනාදී වශයෙන් ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා හා සබැඳි අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.

මහ කොමසාරිස් කාර්යාලය

ලන්ඩන්

2022 ජනවාරි 18 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close