චීන-ශ්‍රී ලංකා ආර්ථික, වෙළඳ, සංස්කෘතික සහයෝගිතාව හා හුවමාරුව පිළිබඳ සමුළුව විසින් ආයෝජන, වෙළඳ හා සංචාරක කර්මාන්ත පිළිබඳ සොයා බලයි

චීන-ශ්‍රී ලංකා ආර්ථික, වෙළඳ, සංස්කෘතික සහයෝගිතාව හා හුවමාරුව පිළිබඳ සමුළුව විසින් ආයෝජන, වෙළඳ හා සංචාරක කර්මාන්ත පිළිබඳ සොයා බලයි

බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීන - ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ සහයෝගිතාව පිළිබඳ සංගමය (China-Sri Lanka Chamber of Economic and Trade Cooperation) හා එක්ව 2021 ඔක්තෝබර් 26වන දින එම තානාපති කාර්යාලයේදී චීන - ශ්‍රී ලංකා ආර්ථික, වෙළඳ හා සංස්කෘතික සහයෝගිතාව හා හුවමාරුව පිළිබඳ සමුළුවක් සංවිධානය කළේය. මෙම අවස්ථාවේදී ප්‍රධාන අවධානය යොමු වූයේ, හැකියාව සහිත චීන ආයෝජකයින් හා සංචාර සංවිධායකයින් අතර ආයෝජන අවස්ථා, වෙළඳාම හා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම කෙරෙහිය. CZK Industry Group, Hunan Construction Engineering Group, Caissa Travel Group, Yuan’s Seed Company Limited ඇතුලු ප්‍රධාන පෙලේ චින සමාගම්හි නිලධාරිහු, චීන - ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ සහයෝගිතාව පිළිබඳ සංගමයේ (CSLATE) සාමාජිකයෝ සහ තානාපති නිලධාරිහු මෙම අවස්ථාවට සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ ආයෝජන, වෙළඳාම, සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපන හා වෙනත් අංශයන්හි දැනට පවතින අවස්ථාවන් පිළිබඳ අවධාරණය කරමින්, තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ප්‍රධාන දේශනය ඉදිරිපත් කළේය. චීන හා ශ්‍රී ලාංකික සමාගම් එකිනෙකා හමු වී, අදහස් හුවමාරුකරගනිමින් ඔවුනොවුන් අතර සහයෝගිතාව වැඩිදියුණුකරගැනීමට හැකි වන පරිදි මෙවැනි අවස්ථාවන් සංවිධානය කිරීම අතිශයින් වැදගත් බව එතුමා ප්‍රකාශ කර සිටියේය. චීන සංචාර සංවිධායකයින් සමඟ සමීපව කටයුතු කර, ශ්‍රී ලංකාවට ගෙන්වාගන්නා චීන සංචාරකයින් ප්‍රමාණය අවම වශයෙන් මිලියනයක්  දක්වා ඉහළ නංවාගැනීමට ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය අපේක්ෂා කරනු ලබන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාව අතරවාරයේදී, චීන - ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ සහයෝගිතාව පිළිබඳ සංගමය (CSLATE) CZK Industry Group සහ Hunan Construction Engineering Group සමඟ අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් තබන ලද අතර, ගුවැන්ෂූ සිට ආරම්භ වන අධිවේගී දුම්රියවල පරිභෝජනය සඳහා රසකැවිලි නිෂ්පාදන ඇතුලු ශ්‍රී ලාංකේය කෙටි ආහාර ප්‍රවර්ධනය කර, ඒ සඳහා වෙළඳපොලක් නිර්මාණය කර දීම වෙනුවෙන් ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු සතු Beijing Sri Road Trading Co., Ltd. විසින් Hunan Construction Engineering Group සමඟ ද අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන ලදී.

මෙම අවස්ථාව රසවත් දිවා ආහාර වේලකින් අනතුරුව අවසන් වන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2021 ඔක්තෝබර් 29

Print Friendly, PDF & Email
Please follow and like us:

Close