චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා නැන්ජින් හි පිහිටි යුනිසා (රැළි ආකෘතික) විහාරස්ථ මාළිගය නරඹයි

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා නැන්ජින් හි පිහිටි යුනිසා (රැළි ආකෘතික) විහාරස්ථ මාළිගය නරඹයි

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා යුවාන් බිලියන 5ක් වටිනාකමකින් යුත් බුදුන් වහන්සේගේ හිස්කබලේ අස්ථි ධාතුව තැන්පත් කිරීම සඳහා වර්ෂ 2012 - 2015 අතර කාලය තුළ ඉදිකරන ලද දර්ශනීය යුනිසා (රැළි ආකෘතික) විහාරස්ථ මාළිගය නැරඹීම සඳහා කැඳවාගෙන යනු ලැබීය. පුරාවිද්‍යා වාර්තාවලට අනුව මෙම ධාතූන් වහන්සේ ක්‍රිස්තු වර්ෂ 980 දී පමණ ශ්‍රී ලංකාවේ සිට චීනය වෙත වැඩමවා ඇත. (ශ්‍රී ලංකාවේ අර්බුදකාරී වාතාවරණයක් පැවති චෝල ආක්‍රමණ සමයේදී මෙසේ ධාතූන් වහන්සේ වැඩමවා ඇත). විහාරස්ථානයේ අභ්‍යන්තර කුටිය තුළට ඇතුළුවීම සඳහා දැඩි සීමාවන් පනවා ඇත. (දුරකථන සහ ඡායාරූප ගැනීමෙන් තොර ව සීමිත අමුත්තන් සංඛ්‍යාවකට පමණක් ඇතුළුවීමේ හැකියාව ඇති අතර සර්වඥ ධාතූන් වහන්සේ වෙඩි නොවදින වීදුරු කරඬුවක් තුළ තැන්පත් කොට ඇත.) විහාරස්ථානයේ විශාල ගෝලාර්ධය ශාක්‍යමුණිද්‍රයනන් වහන්සේගේ ශීර්ෂයෙහි රූපමය නිරූපණයට සමාන වන පරිදි නිර්මාණය කර ඇති අතර බෝධි වෘක්ෂයේ අතු ඉහළට විහිදෙන අයුරු ශෛලීගත ලෙස නිරූපණය කිරීමට යෝධ කොන්ක්‍රීට් වියනක් නිර්මාණය කර ඇත.

ක්‍රිස්තු වර්ෂ 997 දී පමණ ඩා බාඕ'එන් විහාරස්ථානයේ එවකට සිටි ප්‍රධාන භික්ෂුන් වහන්සේ වන ඇබට් ඩෙමිං හිමියන් විසින් එම විහාරස්ථානය අසල පිහිටි පාෂාණ කරඬුවක් තුළ ධාතූන් වහන්සේ සඟවා තිබූ අතර 2008 දී එය නැවත සොයා ගන්නා ලදි.

යුනිසා විහාරස්ථ මාළිගය පිහිටි නියූ ෂූ කඳු මුදුනේ අතහැර දැමූ දැවැන්ත යපස් පතලක් පිහිටා ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2021 නොවැම්බර් 19 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close