ගුවාංඩොං හි 21 වැනි සියවසේ සමුද්‍රීය සේද මාවත ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලාංකික නිෂ්පාදන සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරේ

ගුවාංඩොං හි 21 වැනි සියවසේ සමුද්‍රීය සේද මාවත ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලාංකික නිෂ්පාදන සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරේ

ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්‍ධනය සඳහා වූ චීන කවුන්සිලයේ ගුවාංඩොං කමිටුව සහ ගුවාංඩොං හි වාණිජ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද, ගුවාංඩොං හි 21 වැනි සියවසේ සමුද්‍රීය සේද මාවත ජාත්‍යන්තර ප්‍රදර්ශනය 2021 සැප්තැම්බර් 24-26 දිනවල ගුවාංෂෝහි කැන්ටන් ෆෙයාර් සංකීර්ණයේ දී පැවැත්විණි. ගුවාන්ෂෝ හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, තමන් විසින් සැලසුම් කොට අලංකාර කරන ලද වර්ග මීටර් 36 කින් සමන්විත රටේ ප්‍රදර්ශනාගාරයක් සමඟ මේ සඳහා සහභාගී වූ අතර ප්‍රදර්ශනාගාරයේ බිත්ති මත වූ විචිත්‍ර ලෙස වර්ණවත් විවිධ ආකර්ෂණීය දර්ශන සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සංචාරක ස්ථාන සහ පුරාවිද්‍යාත්මක ස්ථාන මෙන්ම අත්කම් සමහරක් ද ප්‍රදර්ශනය කිරීම මඟින් නරඹන්නන් ප්‍රදර්ශනාගාරය වෙත ආකර්ෂණය කර ගන්නා ලදි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සහාය ඇතිව කොන්සල් ජනරාල් කාර්යාලය, චීනයේ පිහිටි, රබර් කිරි නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභරණ, අත්කම් ‘ලංකා තේ’, බිස්කට්, කිතුල් පැණි සහ පොල්තෙල් ආනයන ශ්‍රී ලාංකික සමාගම් 08 ක නියෝජිතයින්ගේ  සහභාගිත්වයකින් සංවිධානය කරනු ලැබූ අතර ගුවාංෂෝ හි පිහිටි ශ්‍රී ලංකන් ගුවන් සේවා කාර්යාලය ද මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී විය.

ගුවාංෂෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රියංගිකා ධර්මසේන මහත්මිය සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ නැන්ෆැං ඩේලි පුවත්පත, ගුවාංෂෝ නගරය තීරය සහ මාවත මුලපිරීමේ කේන්ද්‍රීය නගරයක් ලෙස වර්ධනය වන බැවින්, මෙම අවස්ථාව සහ ගුවාංෂෝ හා ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාවය පිළිබඳව තොරතුරු විමසීය. මෙම වෙළඳ ප්‍රදර්ශනය යමෙකුගේ සංස්කෘතිය, සංචාරක ව්‍යාපාරය, වෙළෙඳාම සහ ආයෝජනය ප්‍රවර්‍ධනය කිරීම සඳහා වන වේදිකාවකි. වාර්ෂික උත්සවයක් වන එය, 2014 දී ගුවාංඩොං පළාතේ ඩොංගුවාන් නගරයේ දී ආරම්භ වී, පසුව ගුවාංෂෝ හිදී පැවැත්විණ. 2014 සහ 2019 වර්ෂයන්හි දී ද කොන්සල් කාර්යාලය අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ශ්‍රී ලංකාවේ සමාගම් රැසක් සමඟ කොහු, තේ, ඇඟලුම්, මැණික් හා ස්වර්ණාභරණ සහ අත්කම් ලෙස විවිධ අංශ වලින් මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී වී ඇත.

ගුවාංෂෝ හි මෙන්ම බීජිං හි ද පිහිටි කොන්සල් කාර්යාල සහ තානාපති කාර්යාල 43 ක් ඇතුළුව ජාත්‍යන්තර හා දේශීය සන්නාමගත සමාගම් 1200 කට අධික සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී වූ අතර, 700,000 කට අධික ජනතාවක් එහි පැමිණ සහ මාර්ගගතව මෙම ප්‍රදර්ශනය නැරඹූහ.

ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය

ගුවාංෂෝ

2021 ඔක්තෝම්බර් මස 04 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close