කොවිඩ්-19 වසංගත තත්ත්වය යටතේ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා ඉටු කිරීම

කොවිඩ්-19 වසංගත තත්ත්වය යටතේ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා ඉටු කිරීම

හඳුන්වා දී ඇති සෞඛ්‍ය ආරක්ෂණ පියවරයන්ට අනුකූලව සාමාන්‍ය ජනතාවට අඛණ්ඩ කාර්යක්ෂම සේවාවක් ලබා දීම සහතික කිරීම සඳහා, 2020 නොවැම්බර් 11 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි අනිවාර්යයෙන් ම කලින් වේලාව වෙන්කර ගැනීමේ පදනම මත දිනකට සීමිත ගනුදෙනුකරුවන් සංඛ්‍යාවක් සඳහා අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන ලේඛන සහතික කිරීමේ සේවා නැවත ආරම්භ කිරීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව, කොන්සියුලර් කටයුතු අංශයට පැමිණීමට පෙර පහත සඳහන් වෙබ් දිගුව හෝ දුරකථන අංකය හරහා හමුවීම සඳහා වේලාවක් වෙන් කර ගත යුතු වන අතර, එසේ වේලාවන් වෙන්කර ගත හැක්කේ සතියේ වැඩ කරන දිනවල උදේ 10.00 සිට ප.ව 2.00 දක්වා පමණි:

වෙබ් දිගුව: http://consular.mfa.gov.lk/ONLINEBOOKING

දුරකථන: +94 112 338 812

මේ ආකාරයට කලින් වේලාව වෙන්කර නොගත් පුද්ගලයින්ට කොළඹ 01 සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙන අතර, හුදෙකලා කොට ඇති/ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පුද්ගලයින් මෙම කාලය තුළ දී කාර්යාලයට පැමිණීමෙන් වැළකී සිටිය යුතුය.

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ මරණය, වන්දි ගෙවීම්, නැවත මෙරටට ගෙන්වා ගැනීම සහ වෙනත් කාරණා සම්බන්ධ විමසුම් සඳහා කරුණාකර පහත සඳහන් අංක අමතන්න.

ෆැක්ස්: +94 112 473 899         විද්‍යුත් තැපෑල: consular@mfa.gov.lk

අංශය දුරකථන අංකය
මරණ +94 112 338 836
+94 113 136 715
+94 776 032 252
+94 773 586 433
+94 718 415 623
+94 701 428 246
වන්දි +94 112 437 635
+94 117 101 193
නැවත මෙරටට ගෙන්වා ගැනීම +94 112 338 837
විවිධ +94 112 338 843
+94 117 101 162

මාතර සහ යාපනයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල දෙකම සතියේ වැඩකරන දිනවල දී සාමාන්‍ය ජනතාව සඳහා විවෘත කරන බව කරුණාවෙන් සලකන්න. කරුණාකර පහත දුරකථන අංක හරහා කලින් වේලාවක් වෙන් කර ගන්න:

මාතර ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය:      +94 412 226 697
යාපනය ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය:    +94 212 215 972

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2020 නොවැම්බර් 10 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close