කොවිඩ්-19 මූලාරම්භය සොයා යාමේ ගැටළුව පිළිබඳ ප්‍රකාශය

කොවිඩ්-19 මූලාරම්භය සොයා යාමේ ගැටළුව පිළිබඳ ප්‍රකාශය

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොව පුරා වෙසෙන ජනතාවගේ සෞඛ්‍යය, ආරක්‍ෂාව සහ ජීවනෝපාය මාර්ගවලට දැඩි ලෙස බාධා ඇති වී තිබේ. එම නිසා මෙම වසංගතය ඵලදායීව හා තිරසාර ලෙස පරාජය කිරීමට හැකි හොඳම ක්‍රමය ලබා දෙන්නේ බහුපාර්ශ්විකත්වය සහ ජාත්‍යන්තර සහයෝගිතාවය මඟිනි.

වෛරසයේ මූලාරම්භය පිළිබඳව පුළුල්, ඇතුළත් හා අපක්ෂපාතී අධ්‍යයනයක් කිරීම ද ඒ හා සමානව වැදගත් වේ.

මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඉටු කරන ලද ප්‍රමුඛ කාර්යභාරය සහ 2021 මාර්තු මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කැඳවන ලද ගෝලීය අධ්‍යයනයේ ඒකාබද්ධ වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව ශ්‍රී ලංකාව සඳහන් කරයි.

SARS-Co-V-2 වෛරසයෙහි මූලාරම්භය පිළිබඳ කෙරෙන අධ්‍යයනය විද්‍යාත්මක හා සාක්ෂි පදනම් කරගත් ක්‍රම මත පදනම් විය යුතු බවත්, එය දේශපාලනීකරණය නොකළ යුතු බවත් ශ්‍රී ලංකාව යළි අවධාරණය කරයි.

කලින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙහෙයවන ලද ඒකාබද්ධ අධ්‍යයන වාර්තාවේ ප්‍රධාන සොයා ගැනීම්, අධ්‍යයනයේ මීළඟ පියවරෙන් පිළිබිඹු විය යුතු වේ.

මේ සම්බන්ධයෙන් නොවිසඳුනු ගැටළු සඳහා සුහදශීලී හා පුළුල් විසඳුම් සෙවීම පිනිස ශ්‍රී ලංකාව සියළුම ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සාධනීය ලෙස අඛණ්ඩව මැදිහත් වනු ඇත.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 සැප්තැම්බර් 8 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close