පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල් ප්‍රඥප්තිය යටතේ කඩොලාන පරිසර පද්ධති හා ජීවනෝපායන් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජික රටක් වශයෙන්, ශ්‍රී ලංකාව කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය සහ තිරසර භාවිතයට ජාතික ප්‍රතිපත්තිය දියත් කිරීම ඇතුළුව පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීම සඳහා සැලකිය යුතු ප්‍රයත්න දරා ඇති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. කොදෙව් හා දූපත් රාජ්‍යවල තුන්වන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ප්‍රකාශයක් ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළේය. ඉකුත් 25 දා මෙම රැස්වීම අන්තර්ජාලය හරහා පැවැත්විණි. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රකාශයේ මෙසේද සඳහන් වෙයි.
මගේ රට නියෝජනය කරමින්, මෙම සම්භාවනීය රැස්වීම ඇමතීමට මට ආරාධනා කිරීම සතුටට කරුණකි.
ඉන්දුනීසියාවේ සමුද්‍රික කටයුතු සම්බන්ධීකරණ අමාත්‍ය ගරු. ලූහට් බී. පන්ජයිටාන් මැතිතුමාට, එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදලට සහ කොදෙව් හා දූපත් රාජ්‍යවල ලේකම් කාර්යාලයට මෙම වැදගත් අවස්ථාව සංවිධානය කිරීම වෙනුවෙන් සුභ පැතුම් එක් කරමින් මගේ කථාව ආරම්භ කරමි.
ඔබතුමන්ලා දන්නා පරිදි, ශ්‍රී ලංකාව, දේශගුණික විපර්යාසවල අයහපත් බලපෑම් එල්ල වීමට වැඩි ඉඩකඩක් තිබෙන රටක් වන අතර 2020 දේශගුණික අවදානම් දර්ශකයේ හයවැනි (06) ස්ථානයේ පසුවෙයි.
වෙනත් කොදෙව් හා දූපත් රටවල මෙන්, ශ්‍රී ලංකාවද දේශගුණික තත්ත්වයන් හේතුකොට ගෙන ඇතිවන ආපදා, ජෛව විවිධත්වයේ අඩුවීම, අධික උපයෝජනය, දූෂණය, තෙල් හා රසායනික ද්‍රව්‍ය කාන්දු වීම, සාගර ආම්ලීකරණය සහ මුහුදු මට්ටම ඉහළ යෑම යන ගැටලුවලට මුහුණ දී සිටියි. අඛණ්ඩව පවතින කොවිඩ්-19 වසංගතය, හේතුවෙන්, මෙම විපත්වල බලපෑම කීප ගුණයකින් තීව්‍ර වී තිබේ.
ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දූරදර්ශී නායකත්වය යටතේ, තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේදී, ප්‍රමුතාව ලබාදීය යුතු ක්ෂේත්‍රයක් ලෙස පරිසර ක්ෂේත්‍රය හදුනාගෙන ඇති රටේ ජාතික සංවර්ධන රාමුව වන “සෞභාග්‍යයේ දැක්ම ” ක්‍රියාත්මක කිරීම තුළින්, මෙම ගැටළු සඳහා සහ සමුද්‍රික පරිසර පද්ධති සහ තර්ජනයට ලක්වී ඇති විශේෂ ආරක්ෂා කිරීම සඳහා විසඳුම් ලබා දීමට යෝග්‍ය පියවර ගනු ලබමින් සිටියි.
එහෙයින්, 2016 දී ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකවේ ජාතික වශයෙන් නිර්ණය කළ දායකත්ව, අපගේ ජාතික සංවර්ධන අවශ්‍යතා සමඟ එකඟතාවයකට එළඹීමකින් තොරව ශුද්ධ කාබන් ශුන්‍ය රටක් බවට පත්වීමේ වඩාත් අපේක්ෂිත ඉලක්කවලින් යාවත්කාලීන කරනු ලබමින් පවතියි.
මීට අමතරව, කොරල් පර ප්‍රතිස්ථාපනය සහ ඒවා ආරක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කිරීම, මුහුදු තණකොළ නැවත වගා කිරීම සහ වැලිකඳු පුනරුත්ථාපනය, වැටි තැනීම හා මුහුදු පැළෑටි සහ මත්ස්‍යයන් සදහා පාවෙන මුහුදු වගාව ඇතුළුව වැදගත් අනුවර්තන තාක්ෂණ කීපයක් ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත.
තවද, මත්ස්‍ය ගහන සීඝ්‍රයෙන් අඩුවීම කෙරෙහි දායක වී ඇති ක්ෂුද්‍ර - ප්ලාස්ටික් දූෂණයේ බලපෑම අඩුකිරීම සඳහා, එක්වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් තහනම් කිරීම කෙරෙහි ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී තිබේ.
2001 වසරේදී මොන්ට්‍රියල් සන්ධානයේ 13 වැනි පාර්ශ්ව රැස්වීමේ මුලසුන දැරූ මම, තිරසර නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩක් කිරීමේ අරමුණින් නයිට්‍රජන් කළමනාකරණය සහ ඇල්ගී ස්ථර ඇතිවීම, සාගරයේ මියගිය කලාප සහ සුපෝෂණය යන ඒවායේ හානිකර බලපෑම් අඩුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කොළඹ ප්‍රකාශය සමඟ ඉදිරියට යමින් සිටින බව සතුටින් ප්‍රකාශ කරමි.
කොදෙව් හා දූපත් රාජ්‍ය සංසදයේ 1 වැනි අමාත්‍ය මට්ටමේ රැස්වීමේදී සම්මත කරගන්නා ලද මනාඩෝ ඒකාබද්ධ ප්‍රකාශය පිළිබදව ශ්‍රී ලංකාව සතුට පළ කරන අතර කලාපීයව හා ජාත්‍යන්තරව ප්‍රතිපත්ති ත්‍රියාත්මක කිරීම සහ ප්‍රජා මට්ටමේ ප්‍රවේශ ලබා ගැනීම තුළින් සාගර තිරසර අභියෝග සම්බන්ධයෙන් කටයුතු කිරීමේ පරමාර්ථ ඇතුළත් කාර්යය සැලැස්මක් පිළිබඳව තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරයි.
ආයුබෝවන්
ස්තූතියි.
The full video can be viewed at: https://youtu.be/5x5xUTQI-GM