ඉතියෝපියාවේ යුධ කලාපයේ සිරව සිටි ශ්‍රී  ලාංකිකයන් 38 ක් බේරා ගැනේ

ඉතියෝපියාවේ යුධ කලාපයේ සිරව සිටි ශ්‍රී  ලාංකිකයන් 38 ක් බේරා ගැනේ

ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් තිස් අට දෙනෙකු (38) සාර්ථකව ඉවත් කර ගැනිමට හැකි වී ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. විදේශ අමාත්‍යාංශය ඉතියෝපියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉතියෝපියාවේ තානාපති කාර්යාලය මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස යුධ කලාපයෙන් මුදවා ගෙන ඇත.

ශ්‍රී ලාංකිකයන් සහ තවත් රටවල් ගණනාවකට අයත් විදේශිකයන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත රිය පෙළකින් ටයිග්‍රේ සිට ඉතියෝපියාවේ අෆාර් ප්‍රදේශය වෙත රැගෙන ගොස්, එතැන් සිට අඩිස් අබාබා අගනුවර වෙත ප්‍රවාහනය කර තිබේ.

ඉතියෝපියාවේ ඇඟලුම් කර්මාන්තයේ නියුතු මෙම සියලුම ශ්‍රී ලාංකික ජාතිකයන්, නෙබො දිනකින් ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිතය.

ටයිග්‍රේ ජනතා විමුක්ති පෙරමුණට (TPLF) අයත් ප්‍රාදේශීය හමුදා ෆෙඩරල් හමුදා කඳවුරකට පහර දීමෙන් පසුව, ඉතියෝපියාවේ රජය 2020 නොවැම්බර් 04 වැනි දින ටයිග්‍රේ කලාපයේ හමුදා මෙහෙයුම් ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අඩිස් අබාබා, ඉතියෝපියාව

2020 නොවැම්බර් 26 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close