ඕමානයේ අවතැන් වු ශ්‍රී ලාංකිකයන් 291ක් නැවතත් මව්බිමට

ඕමානයේ අවතැන් වු ශ්‍රී ලාංකිකයන් 291ක් නැවතත් මව්බිමට

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය, COVID-19 පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ එක්ව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් 206 අංක දරන ගුවන් යානයෙන් තවත් ශ්‍රී ලංකිකයන් 291 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඕමානයේ මස්කට් සිට කොළඹ දක්වා පසුගිය නොවැම්බර් 26 දින පිටත් කර ඇ‌ත.

මෙම කණ්ඩායමට මූලික වශයෙන් හදිසි වෛද්‍ය අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන් මෙන්ම රැකියා අහිමිවූවන්, සුරක්ෂා නිවාස රැඳවියන් සහ නිදහස් වූ සිරකරුවන් ද ඇතුළත් ය. ඕමානයේ විවිධ බන්ධනාගාර වලින් නිදහස් වූ ශ්‍රී ලංකික සිරකරුවන් 34 දෙනෙකු ආපසු සිය මව්බිමට යැවීමට පහසුකම් සැලසීම පිළිබඳව ඕමාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ්, ඕමාන් රාජ්‍යයේ බන්ධනාගාර බලධාරීන්ට සිය කෘතඤතාව පළ කළේය.

සියරට යැවූ ශ්‍රී ලංකිකයන් 291 දෙනාට නවාතැන්, ආහාර සහ අනෙකුත් පහසුකම් දින 14 ක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි නොමිලේ ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
මස්කට්

2020 නොවැම්බර් 29 දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close