එළඹෙන සතියේ දී සිදු කිරීමට නියමිත කොරියානු ජනරජයේ ජාතික සභාවේ කථානායකවරයාගේ ශ්‍රී ලංකා සංචාරය

එළඹෙන සතියේ දී සිදු කිරීමට නියමිත කොරියානු ජනරජයේ ජාතික සභාවේ කථානායකවරයාගේ ශ්‍රී ලංකා සංචාරය

මෑතකදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සහ කොරියානු ජනරජයේ ජාතික සභාවේ කථානායක පාර්ක් බයොන්-සෙන් මැතිතුමා විසින් සෝල් නුවර පිහිටි කථානායක කාර්යාලයේ ජාතික සභාවේ දී සාකච්ඡා පවත්වන ලදී.

කථානායක බයොන්- සෙන් මැතිතුමා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු ක්‍රමය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ අතරවිශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය රාජ්‍ය අමාත්‍ය මණ්ඩල රාමුව සමඟ සංකලනය කිරීම වැනි ලක්ෂණ එතුමාගේ අවධානයට යොමු විය.

ශ්‍රී ලංකාවේ වත්මන් මැතිවරණ ක්‍රමය මෙන්ම පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් මේ වන විට සාකච්ඡාවට බඳුන් වෙමින් පවතින ප්‍රතිසංස්කරණ පිළිබඳව අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා විසින් කොරියානු කථානායකවරයා දැනුම්වත් කරන ලදී.

පාර්ලිමේන්තුවෙන් පිටත තේරීම් කාරක සභාඋපදේශක කාරක සභා සහ ස්ථාවර කාරක සභාවල කටයුතුවල වැදගත්කම මෙන්ම, මෙම කාරක සභා පක්ෂ ක්‍රමය සමඟ පවත්නා සබඳතාව යනාදිය පිළිබඳව ද විදේශ අමාත්‍යවරයා සහ කථානායකවරයා විසින් යම්තාක් දුරට සාකච්ඡා පවත්වන ලදී.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ සංචාරයක නිරත වන  ලෙස විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා යොමු කළ ඇරයුම කොරියානු ජනරජයේ ජාතික සභාවේ කථානායකවරයා සතුටින් පිළිගත්තේ ය.

 කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සඳහා දින නියම කරන ලදී. ඒ අනුව, කොරියානු ජනරජයේ ජාතික සභාවේ කථානායකවරයා තෙදින සංචාරයක් සඳහා ජනවාරි  18 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය.

 මෙම සංචාරය දෙරටෙ හි පාර්ලිමේන්තු අතර පවත්නා සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඉවහල් වන  සුවිශේෂී අවස්ථාවක් බවට පත්වනු ඇත.

 විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 ජනවාරි මස 11වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close