එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව ‘දේශගුණය සහ හරිත ප්‍රකෘතිය සඳහා නයිට්‍රජන්’ වෙනුවෙන් පෙරමුණ ගනී 2021 අප්‍රේල් 27 – 29, කොළඹ.

එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව ‘දේශගුණය සහ හරිත ප්‍රකෘතිය සඳහා නයිට්‍රජන්’ වෙනුවෙන් පෙරමුණ ගනී 2021 අප්‍රේල් 27 – 29, කොළඹ.

කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය මේ සතියේ දී “දේශගුණය සහ හරිත ප්‍රකෘතිය සඳහා නයිට්‍රජන්” අතථ්‍ය වැඩසටහන පැවැත්වීය.

දේශගුණික ක්‍රියාකාරකම් සඳහා තීරණාත්මක වන මෙම වර්ෂය තුළ දී තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කටයුතු පුළුල් කිරීම සඳහා මෙම උත්සව අංගයේ දී #නයිට්‍රජන්4නෙට්සීරෝ වැඩසටහන දියත් කරන ලදී.

2021 මැයි 05 වැනි දින, කොළඹ.

#නයිට්‍රජන්4නෙට්සීරෝ යනු කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා රජය අතර හවුල්කාරිත්වයෙන් යුතුව දියත් කරන ලද, ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමා විසින් පෙරමුණ ගන්නා ලද වැඩසටහනකි. මෙමඟින් ලබා දෙන ප්‍රධාන පණිවුඩ දෙක නම්, නයිට්‍රජන් පිළිබඳව ක්‍රියා නොකොට ශුද්ධ ශුන්‍යය සාක්ෂාත් කරගත නොහැකි වනු ඇති අතර, නයිට්‍රජන් මත ක්‍රියා කිරීම මඟින් සෞඛ්‍යය, සොබාදහම සහ ආර්ථිකය සඳහා බහුවිධ සම-ප්‍රතිලාභ ලබා දෙනු ඇත.

මෙම අවස්ථාව සඳහා අතිගරු ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් විදේශ අමාත්‍ය ගරු. දිනේෂ් ගුණවර්ධන අවධාරණය කළේ:

“... දේශගුණ විද්‍යාඥයින් දශක ගණනාවක් තිස්සේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ඉහළ යාමේ බලපෑම පිළිබඳව අධ්‍යයනය කරමින් සිටී. නයිට්‍රජන් අපද්‍රව්‍ය පිළිබඳ ගැටළුව ඒ හා සමාන හදිසි ආකාරයකින් විසඳීමත්, ඒ අනුව දේශගුණික විපර්යාස පිළිබඳ අඛණ්ඩ කතිකාව පුළුල් කිරීමත් වැදගත් යැයි මම විශ්වාස කරමි. ”

පසුගිය වසරේ දී අදහස් දක්වමින්, COP26 සඳහා නම්කළ සභාපති ආලෝක් ෂර්මා මහතා මේ වසරේ දේශගුණික විපර්යාස පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාමාර්ගයේ පවතින වැදගත්කම අවධාරණය කර ඇත.

“දේශගුණික විපර්යාසයන් මැඩපැවැත්වීම අපගේ ජීවිත කාලය තුළ වඩාත්ම හදිසි හවුල් ප්‍රයත්නයක් වන අතර, විනාශකාරී ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වැළැක්වීම සඳහා සෑම ජාතියකින්ම නිර්භීත පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියි.” …… 2021 නියත වශයෙන්ම දේශගුණය සඳහා තීරණාත්මක වසරක් වනු ඇත. ග්ලාස්ගෝ වෙත යන මාර්ගයේ සෑම ජාත්‍යන්තර ඉසව්වකින්ම වියන ලද දේශගුණික ක්‍රියාකාරිත්වය පිළිබඳ රන් නූල් දැකීමට මට අවශ්‍යය.”

එක්සත් රාජධානිය මේ වසර අග දී ග්ලාස්ගෝ හි COP26 සඳහා සත්කාරකත්වය දරනු ඇති අතර, ඉදිරියේ දී ලැබෙන සභාපති ධුරය සමඟ 2020 සහ 2021 දී දේශගුණික අභිලාෂයන් වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට කැපවී සිටී.

COP26 දී, එක්සත් රාජධානිය ශුන්‍ය කාබන් ආර්ථිකයක් කරා යන ගමනේ හදිසිභාවය සහ අවස්ථාවන් සහ ලෝකය මුහුණ දෙන බරපතල අභියෝගයන්ට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ බලය පෙන්නුම් කරයි. සාර්ථකත්වය සහතික කිරීම සඳහා හැකි ඉක්මනින් ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචනය කරා ළඟා වීම පිණිස රටවල් කැපවිය යුතුය.

කෙසේ වෙතත්, ශුද්ධ ශුන්‍ය විමෝචනයට මාරුවීම පිණිස, කාබන් ඩයොක්සයිඩ් මෙන් 300 ගුණයකින් ගෝලීය උණුසුම ඇති කිරීමේ හැකියාව ඇති කාබන් මොනොක්සයිඩ් අවම කිරීම සඳහා ද නයිට්‍රජන් සම්බන්ධයෙන් කටයුතු කිරීම අවශ්‍ය වනු ඇත. නයිට්‍රජන් දූෂණය අඩු කිරීම කෙරෙහි යොමුවීමෙන් වාතය, ජලය, ජෛව විවිධත්වය, ස්තර ගෝලයේ ඕසෝන් ක්ෂය වීම, පස, ආහාර සහ ආර්ථිකය සඳහා තිරසාර සංවර්ධනයක් හරහා බහුවිධ ජයග්‍රහණ ලබා ගත හැකිය. මෙම කරුණු ඉන්දියාවේ නායකත්වයෙන් යුත් ‘තිරසාර නයිට්‍රජන් කළමනාකරණය’ (UNEP/EA.4/Res.14) පිළිබඳ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ යෝජනා සම්මුතිය සහ 2030 වන විට සියලු ප්‍රභවයන්ගෙන් නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩකින් අඩු කිරීමේ අභිලාෂයට එකඟ වූ ශ්‍රී ලංකාව ප්‍රමුඛ කොළඹ ප්‍රකාශනය මගින් පිළිගෙන ඇති අතර, එමඟින් වාර්ෂිකව ඩොලර් බිලියන 100 ක් ඉතිරි කර ගැනීමේ හැකියාව ලබා දෙයි.

දේශගුණික ක්‍රියාකාරකම් සඳහා තීරණාත්මක වන මෙම වර්ෂයේ දී, දකුණු ආසියානු සහයෝගිතා පරිසර වැඩසටහනේ (SACEP) සාමාජික රටවල් සමඟ #නයිට්‍රජන්4නෙට්සීරෝ මුලපිරීම කටයුතු පුළුල් කිරීම සඳහා මඟ සලසයි. ගෝලීය අභියෝගතා පර්යේෂණ අරමුදල හරහා එක්සත් රාජධානියේ පර්යේෂණ හා නවෝත්පාදනවල සහාය ඇතිව “GCRF දකුණු ආසියානු නයිට්‍රජන් කේන්ද්‍රස්ථානයේ” හි විද්‍යාත්මක සහාය ඇතිව මෙම වැඩසටහන සකස් කෙරෙමින් පවතී.

මෙම කේන්ද්‍රස්ථානය, එක්සත් රාජධානියේ පරිසර විද්‍යාව හා ජල විද්‍යාව පිළිබඳ කේන්ද්‍රය විසින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර නයිට්‍රජන් කළමනාකරණ පද්ධතිය හරහා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන හා ගෝලීය පරිසර පහසුකම සමඟ සහයෝගයෙන් කටයුතු කරන ගෝලීය ප්‍රයත්නයේ කොටසක් වෙයි.

වැඩි විස්තර

‘දේශගුණය සහ හරිත ප්‍රතිසාධනය සඳහා නයිට්‍රජන්’ පිළිබඳ විස්තර සහ #නයිට්‍රජන්4නෙට්සීරෝ පිළිබඳ වැඩි විස්තර සඳහා, https://www.inms.international/nitrogen4netzero/events වෙබ් සබැඳිය වෙත පිවිසෙන්න.

#නයිට්‍රජන්4නෙට්සීරෝ දියත් කිරීමේ වීඩියෝව මෙම වෙබ් සබැඳියෙන් ලබා ගන්න: https://www.youtube.com/watch?v=W6n0MqW5JfY

ගෝලීය අභියෝග පර්යේෂණ අරමුදලේ “දකුණු ආසියානු නයිට්‍රජන් කේන්ද්‍රස්ථානය” යනු එක්සත් රාජධානියේ පර්යේෂණ හා නවෝත්පාදන (UKRI) ආයතනයෙහි සහාය ඇතිව ක්‍රියාත්මක වන පවුම් මිලියන 20 ක වැඩසටහනක් වන අතර, එය දකුණු ආසියානු සහයෝගිතා පරිසර වැඩසටහනට (SACEP) අයත් රටවල් අටම සමඟ හවුලේ කටයුතු කරයි. එය සම්බන්ධීකරණය කරනු ලබන්නේ එක්සත් රාජධානියේ පරිසර විද්‍යාව හා ජල විද්‍යාව පිළිබඳ මධ්‍යස්ථානය විසිනි. “නයිට්‍රජන් දූෂණය යනු සිනාසීමට සුදුසු කාරණයක් නොවේ” බලන්න: https://www.ceh.ac.uk/press/nitrogen-pollution-no-laughing-matter

Print Friendly, PDF & Email
Please follow and like us:

Close