ඊශ්‍රායෙලයේ සහ පලස්තීනයේ ප්‍රචණ්ඩත්වය ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන්

 ඊශ්‍රායෙලයේ සහ පලස්තීනයේ ප්‍රචණ්ඩත්වය ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන්

ඊශ්‍රායලයේ හා පලස්තීනයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවෙයි.

මේ වන විටත්, විදේශ අමාත්‍යවරයා කොළඹ සිටින ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා වෙත මීට දින තුනකට පෙර මෙම තත්වය පිළිබඳ දැඩි කනස්සල්ල සහ පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් සහ ජීවිත සුරැකීම සම්බන්ධයෙන් පවතින උනන්දුව පිළිබඳව දැනුම් දී තිබේ.

ගැටුම් නවතා සාමය යළි පිහිටුවන ලෙසත්, සිදුවෙමින් පවතින ප්‍රවණතා හේතුවෙන් පුළුල් කලාපය අස්ථාවර වීමේ තර්ජනයක් ඇති නොවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 මැයි 17 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close