ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී.රාධක්‍රිෂ්ණන් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී.රාධක්‍රිෂ්ණන් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී.රාධක්‍රිෂ්ණන්, 2026 අප්‍රේල් 19 වැනි දින සිට 20 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ.

මෙම සංචාරය අතරතුරදී, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෑතකදී සිදුවූ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල අඛණ්ඩ පියවරක් ලෙස, උප ජනාධිපති රාධක්‍රිෂ්ණන්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත. ඉන්දීය උප ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකට සහභාගී වන අතර දේශපාලන හා ප්‍රජා නායකයින් සමඟ සම්බන්ධ වීමට නියමිතය.

දිට්වා සුළි කුණාටුව සම්බන්ධ පුනරුත්ථාපන කටයුතු හා සංවර්ධන සහයෝගීතාවට අදාළ ව්‍යාපෘති ඇතුළුව සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, දෙරට අතර අවබෝධතා ගිවිසුම් ගණනාවක් ද මෙම සංචාරයේදී හුවමාරු කර ගැනීමට නියමිතය.

උප ජනාධිපති රාධක්‍රිෂ්ණන් සමඟ ඉන්දීය රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් මෙම සංචාරයට එක්වනු ඇත.

 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01

2026 අප්‍රේල් 17 වැනි දින

Please follow and like us:

Close