ආචාර්ය පාලිත ටී.බී. කොහොන මැතිතුමා සිය අක්තපත්‍රවල පිටපතක් චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කරයි

ආචාර්ය පාලිත ටී.බී. කොහොන මැතිතුමා සිය අක්තපත්‍රවල පිටපතක් චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කරයි

මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිආචාර්ය පාලිත ටී.බී. කොහොන මැතිතුමා අද දින විධිමත් ලෙස හා සන්ධාන විධිවිධානවලට අනුකූල වන පරිදිචීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හොං ලෙයි මහතා වෙත සිය අක්තපත්‍රවල පිටපතක් ඉදිරිපත් කළේය.

හොං මහතා තානාපතිවරයා උණුසුම් ලෙස පිළිගත් අතරකීර්තිමත් හා පළපුරුදු රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන ශ්‍රී ලාංකික තානාපතිවරයා පිළිගැනීමට චීනය සතුටු වන බව ප්‍රකාශ කළේය. එතුමාගේ ධුර කාලය තුළ දී දෙරට අතර සබඳතා තවදුරටත් සමෘද්ධිමත් වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ආචාර්ය කොහොන මැතිතුමා කොවිඩ්-19 හා ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ චීනයේ ධුර කාලය තුළ දී එතුමාගේ ප්‍රමුඛතා පිළිබඳව හොං මහතාට විස්තර කළේය. චීන එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ලියන ලද ලිපිය වෙත  එතුමා අවධානය යොමු කළේය.

සහස්‍ර දෙකකට පෙර සමුද්‍ර සේද මාවත යුගයේ දී ආරම්භ වූ දෙරට අතර ඓතිහාසිකදීර්ඝ කාලීන හා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සිහිපත් කරමින්ආචාර්ය කොහොන මැතිතුමා ඉදිරි වසරවල දී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

චීනය සහ ශ්‍රී ලංකාව දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභය සඳහා සහයෝගයෙන් යුතුව කටයුතු කරනු ඇතැයි ද ආචාර්ය කොහොන මැතිතුමා අපේක්ෂාව පළ කළේය. ඊට අමතරවසිය ධුර කාලය තුළ දී වැඩි ආයෝජනවෙළඳ හා සංචාරක කටයුතු දිරිගැන්වීමට එතුමා අපේක්ෂා කරන බව  පැවසීය.

ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් මහජන චීන සමූහාණ්ඩුවේ අතිගරු ජනාධිපති ෂී ජින් පිං මැතිතුමා වෙත විශේෂ ත්‍යාගයක් සහ පුද්ගලික පණිවුඩයක් ද රැගෙන  බව එතුමා පැවසූ අතර හොං මහතා ඊට ප්‍රතිචාර දක්වමින්නායකයන් දෙපළ අතර පවතින සමීප මිත්‍රත්වය පිළිබඳව සතුට පළ කළේයඅතීතයේ දී දෙරට එකිනෙක රටවලට සහයෝගය ලබා දී ඇති අතරඅනාගතයේ දී ද චීනය ‍මිතුරෙකු ලෙස සැලකිය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය. වෙළඳ හා ආයෝජන සඳහා විවෘත වන විට දී ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වීම සඳහා චීන සමාගම් උනන්දු කරවන බවත්එන්නත බෙදා හැරීම සම්බන්ධයෙන් චීන රජය ඉක්මනින් තීරණය කරනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2021 ජනවාරි 12 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close