අභාවප්ප්‍රාප්ත බ්‍රිතාන්‍ය පිලිප් කුමරු වෙනුවෙන් ශ්‍රි ලංකා රජයේ ශෝකය ප්‍රකාශ කරයි

අභාවප්ප්‍රාප්ත බ්‍රිතාන්‍ය පිලිප් කුමරු වෙනුවෙන් ශ්‍රි ලංකා රජයේ ශෝකය ප්‍රකාශ කරයි

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජින ගේ ස්වාමි පුරුෂයා වූ පිලිප් කුමරු හෙවත් එඩිනබරෝ ආදිපාදවරයා ගේ අභාවය පිළිබදව ශ්‍රි ලංකා රජය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කීරිම සදහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (12) පස්වරුවේ ශ්‍රි ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය හමුවූවේය. කොළඹ පිහිටි මහ කොමසාරිස්වරිය ගේ නිල නිවසේදි මෙම හමුව සිදු වූ අතර එහිදී පිලිප් කුමරු ගේ අභාවය පිළිබදව ශ්‍රි ලංකා රජයේ ශෝකය ප්‍රකාශ කරමින්  විශේෂ ශෝක පණිවිඩයක්ද ශෝක පොතේ අමාත්‍යවරයා විසින් සටහන් කළේය. අමාත්‍යවරයා මහ කොසාරිස්වරියගේ නිල නිවසට ගිය අවස්ථාවේ ඇය විසින් අමාත්‍යවරයා පිළි ගනු ලැබු අතර එහිදී අමත්‍යවරයා විසින්  පිලිප් කුමරු ගේ අභාවය පිළිබදව ශ්‍රි ලංකා රජයේ ශෝකය පල කල අවස්ථාවේ මහ කොමසාරිස්වරිය සංවේදී වන අයුරුද දක්නට ලැබිණ. ඡායාරූපයේ දැක්වෙන්නේ අමාත්‍යවරයා ශ්‍රි ලංකාවේ, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් නිල නිවසේදී පිලිප් කුමරුගේ අභාවය වෙනුවෙන් ශ්‍රි ලංකා රජයේ ශෝකය සටහන් කරන ආකාරයයි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close