සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය' (MCC) සමාලෝචනය කිරීමේ කමිටු අවසන් වාර්තාව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාට පිළිගැන්වූ අවස්ථාව

සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය’ (MCC) සමාලෝචනය කිරීමේ කමිටු අවසන් වාර්තාව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාට පිළිගැන්වූ අවස්ථාව

'සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය'(MCC)සමාලෝචනය කිරීමේ කමිටු අවසන් වාර්තාව අගමැති අතට...

'සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය'(MCC) සමාලෝචනය කිරීමේ කමිටුව එම කමිටුවේ අවසන් වාර්තාව අද (2020.06.24) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙන ලදී.

එම කමිටුව විසින් අදාළ වාර්තාවේ පිටපතක් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා වෙත ද මෙහි දී භාරදෙනු ලැබීය.

'සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය (MCC) සමාලෝචනය කිරීමේ කමිටුව'විසින් MCCගිවිසුම සම්බන්ධයෙන් මාස 06ක කාලයක් අධ්‍යයනයක නිරත වූ අතර එහිදී විවිධ ක්ෂේත්‍රයන්හි අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගනු ලැබීය. ඉන් අනතුරුව සිදු කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් පසුව  එම කමිටුව විසින් නිර්දේශ සහිත වාර්තාව සකස් කර ඇත.

හෙට (2020.06.25) දිනයේ දී මෙම කමිටු වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමට නියමිත අතර, නිර්දේශ ද සහිත මෙම කමිටු වාර්තාව අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරියේ දී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව මෙම කමිටුව පත්කරනු ලැබූ අතර එහි සභාපති ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කටයුතු කළේය. ප්‍රවාහන අර්ථ ශාස්ත්‍රඥ ඩී.එස් ජයවීර, ජනාධිපති නීතීඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන අය සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කළහ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතා සහ කමිටු සාමාජිකයින් එක්ව සිටියහ.

විජයානන්ද හේරත්

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Print Friendly, PDF & Email
Please follow and like us:

Close