විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය හමුවෙයි

 විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය හමුවෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය හමු වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, ජිනීවා හි පැලේ ඩෙ නෂියොන් හි පිහිටි කාර්යාලයේ දී එතුමිය සමඟ පුළුල් සාකච්ඡාවක් පැවැත්වී ය.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා යනාදී හු ද විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ මෙම අවස්ථාවට සහභාගී වූහ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2022 මාර්තු 03 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close