ලෙබනනයේ සිට ශ්‍රී ලාංකිකයන් රැගත් 5 වැනි ගුවන් ගමන 2021 මාර්තු 31 වැනිදා

ලෙබනනයේ සිට ශ්‍රී ලාංකිකයන් රැගත් 5 වැනි ගුවන් ගමන 2021 මාර්තු 31 වැනිදා

 

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා ජනාධිපති ලේකම් කාර්යාලය, විදේශ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ එක්ව 2021 මාර්තු 31 වන දින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් 554 දරන ගුවන් යානය මඟින් ළමුන් 4 දෙනෙකු ඇතුළු ශ්‍රී ලංකාවේ 175 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සියරට පැමිණවීම සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවට ආපසු යාම සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයින් 1384 දෙනෙකුගෙන් සමන්විත ලැයිස්තුවක් තානාපති කාර්යාලය සතුව පැවති අතර, තානාපති කාර්යාලය විසින් ඔවුනට දුරකථන ඇමතුම් ලබා ගත් පසුව, ඔවුන්ගෙන් 860 දෙනෙක් විවිධ හේතු සඳහන් කරමින් ලෙබනනයෙන් පිටවීම ප්‍රතික්ෂේප කළහ. ශ්‍රී ලාංකිකයින් 348 දෙනෙක් කටාර් ගුවන් සේවය මගින් ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාගෙන ගොඩබැසීම සඳහා අනුමැතිය ඉල්ලා ඇත.

මෙම ශ්‍රී ලාංකිකයන් සියරට ගෙන්වා ගැනීමේ කටයුත්ත සඳහා ලෙබනන් විදේශ කටයුතු හා සංක්‍රමණික අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය, සාමාන්‍ය ආරක්ෂක අධ්‍යක්ෂ (ආගමන දෙපාර්තමේන්තුව), සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය සහ රෆික් හරිරි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කාර්යය මණ්ඩලය සහාය විය.

තානාපති ශානි කල්‍යාණරත්න කරුණාරත්න මැතිනිය, දෙවැනි ලේකම් (කම්කරු) ටී. ලක්ෂ්මිධරන් මහතා සහ තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩලය

මෙම සියරට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සපයන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බේරූට්

2021 අප්‍රේල් 05 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close