රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා මොස්කව්හි පැවැත්වෙන සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාරයට සහභාගී වෙයි

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා මොස්කව්හි පැවැත්වෙන සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාරයට සහභාගී වෙයි

මොස්කව්හි පැවැත්වෙන “OTDYKH Leisure Fair” සංචාරක ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා මණ්ඩපය විවෘත කිරීමේ අවස්ථාවට සහ ශ්‍රී ලංකා සංචාරක කටයුතු ප්‍රවර්ධන ව්‍යාපාරයකට සහභාගී වීම සඳහා කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා 2021 සැප්තැම්බර් 5 සිට 8 දක්වා රුසියාවේ නිල සංචාරයක නිරත විය. රුසියාවේ ශීත සෘතුවේ සංචාරකයින් ඉලක්ක කර ගනිමින්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් මෙම උත්සව සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සංවිධානය කරන ලදී.

මෙම සංචාරය අතරතුර දී, රාජ්‍ය අමාත්‍යවරයා එරට විශාලතම සංචාරක කටයුතු ප්‍රදර්ශනය වන මෙම විවේක පොළේ පිහිටි ශ්‍රී ලංකා මණ්ඩපය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී විය. වසංගත තත්ත්වය නොතකා මේ වසරේ දී මෙම ප්‍රදර්ශනයට නරඹන්නන් 6,000 කට අධික සංඛ්‍යාවක් පැමිණ සිටි අතර, රුසියානු සංචාරකයින් විදේශ සංචාර සඳහා දක්වන දැඩි උනන්දුව එමඟින් පිළිබිඹු විය.

මෙම සංචාරක ප්‍රවර්ධන උත්සවයේ දී මාධ්‍ය සහ සංචාරක නියෝජිතයින් අමතමින්, රළ මත නැඟී සර්ෆිං ක්‍රීඩාවේ යෙදීම සඳහා වඩාත් සුදුසු සුවදායක මුහුදු වෙරළේ සිට මධ්‍යම කඳුකරයේ සුන්දර ගම්මාන දක්වා, සාම්ප්‍රදායික සංචාරක ස්ථානවලින් ඔබ්බට ගිය නවීන අත්දැකීමක් දැන් ශ්‍රී ලංකාව විචක්ෂණශීලී රුසියානු සංචාරකයෙකු වෙත ලබා දෙන බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. විදේශයන්හි සිට පැමිණෙන අමුත්තන්ගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා මෙරට විසින් අනුගමනය කරන ලද සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව ද රාජ්‍ය බාලසූරිය මැතිතුමා මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්‍ධනය කිරීම සඳහා, රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් සමඟ ද සාකච්ඡා කළේ, ඒවා ලොව පුරා සිටින තරුණ සංචාරකයින් කෙරෙහි දැඩි ලෙස බලපාන බැවිනි. එතුමා ශ්‍රී ලංකාවේ සංචාරක අංශයේ රුසියානු ආයෝජන ද දිරිමත් කළේය.

ප්‍රාදේශීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යාංශය

2021 සැප්තැම්බර් 15 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close