මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් ඩොවාල් මැතිතුමා හමුවෙයි

මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් ඩොවාල් මැතිතුමා හමුවෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2021 ඔක්තෝබර් 08  දින ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් කුමාර් ඩොවාල් මැතිතුමා නවදිල්ලියේ පිහිටි එතුමාගේ කාර්යාලයේ දී හමු විය.

ජාතික ආරක්ෂක  උපදේශක ඩොවාල් මැතිතුමා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා උණුසුම් ලෙස පිළිගත් අතර, එතුමා සමඟ ඉතා සුහද කථා බහක ද නිරත විය. ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා දෙරටේ අන්‍යෝන්‍ය උපායමාර්ගික අවශ්‍යතා පිළිබඳ කරුණු ගණනාවක් සාකච්ඡා කළහ.

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සිය “ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා වූ ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ග 2021/2023” නමැති ප්‍රතිපත්ති මාර්ග සිතියමේ පිටපතක් ද ඩොවාල් මැතිතුමා වෙත පිළිගැන්වී ය.

ශ්‍රී අජිත් කුමාර් ඩොවාල් මැතිතුමා ඉන්දියාවේ පස්වැනි ජාතික ආරක්ෂක උපදේශකවරයා වේ. එතුමා කැබිනට් අමාත්‍යවරයෙකු හා සමාන තත්ත්වයක පිහිටුවා ඇත.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2021 ඔක්තෝබර් 12 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close