ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා 2023 ජනවාරි 19-20 තෙක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත ය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර  විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඇතුළු අනෙකුත් ප්‍රභූවරු ද හමුවීමට නියමිත ය.

ඒකාබද්ධ ලේකම් (IOR) පුනීත් අග්‍රවාල්, අධ්‍යක්ෂ සන්දීප් කුමාර් බයියප්පු, නියෝජ්‍ය ලේකම් (ශ්‍රී ලංකාව) නිධි චෞද්‍රි සහ නියෝජ්‍ය ලේකම් රඝූ පූරි යන මහත්ම මහත්මීහු ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා සමඟ මෙම සංචාරයට සහභාගි වෙති.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ජනවාරි 18 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close