අගුලු දැමීමේ කාලය තුළ දී විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය සිය සේවාවන් සැපයීම සීමා කරයි

අගුලු දැමීමේ කාලය තුළ දී විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය සිය සේවාවන් සැපයීම සීමා කරයි

අද (2021 අගෝස්තු 20) දින රාත්‍රී 10 සිට සිට බලපැවැත්වෙන පරිදි 2021 අගෝස්තු 30 දින අළුයම 4.00 දක්වා රට පුරා අගුලු දැමීම හේතුවෙන්, විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය මෙම කාලය තුළ සිය සේවාවන් හදිසි/අව්‍යාජ අවශ්‍යතා සහිත අය සඳහා පමණක් සීමා කර ඇත.

ඒ අනුව, කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටි කොන්සියුලර් කටයුතු අංශය මෙම අගුලු දැමීමේ කාලය තුළ දී අමුත්තන් සඳහා වසා තැබෙන අතර, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ මරණ පිළිබඳ සිද්ධීන් සහ අපනයන ලිපි ලේඛන හා අදාළ සහතික යනාදිය සහතික කිරීම යන කොන්සියුලර් සේවාවන් පමණක්, දැඩි ලෙස කලින් වේලාව වෙන් කර ගැනීමේ පදනම යටතේ පමණක් සපයනු ලැබේ.

ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල මඟින් ද විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ මරණ පිළිබඳ සේවා සපයනු ඇත.

වේලාවක් වෙන් කරවා ගැනීම සඳහා: කරුණාකර 011 2335942, 011 2338812 යන දුරකථන අංක මඟින් හෝ consular@mfa.gov.lk විද්‍යුත් තැපෑලෙන් කොන්සියුලර් කටයුතු අංශය අමතන්න.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 අගෝස්තු 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close