Foreign Minister Mangala Samaraweera takes part in IORA Ministers Meeting

Foreign Minister Mangala Samaraweera takes part in IORA Ministers Meeting

IORA20-FM

Minister of Foreign Affairs, Hon. Mangala Samaraweera is attending the Ministerial Meeting of the 20th Anniversary of the Indian Ocean Rim Association (IORA) taking place today, on 06th March 2017, in Jakarta, Indonesia. The meeting is being held on the theme of “Strengthening maritime cooperation for a peaceful, stable and a prosperous Indian ocean region”.

Speaking at the discussion on the future work of IORA, Foreign Minister highlighted that Sri Lanka envisaged the continued participation of IORA Leaders to "play a significant role by providing political leadership and vision to commitments and future engagements" and that "it would also be useful for the IORA to engage stakeholders at different levels more constructively and explore mechanisms to encourage more interaction and participation."

On the adoption of the IORA Declaration on Countering Violent Extremism (CVE) leading to Terrorism, Minister Samaraweera underscored that the Ministers "have a collective responsibility to act against any form of violent extremism which are associated with any religion, ethnic group, culture or nationality which can pose a threat to peace and prosperity of the Indian Ocean region."

 

Ministry of Foreign Affairs
Colombo
 
6 March 2017

IORA20-FM2

 

IORA20-SL1

----

Sinhala text

ඉන්දුනීසියාවේ ජකාර්තාහි 2017 මාර්තු 06 වන දින, එනම් අද දින පැවැත්වෙන ඉන්දියානු සාගර වටද්දර සංගමයේ 20 වන සංවත්සරයේ අමාත්‍යවරුන්ගේ රැස්වීමට ගරු විදේශ කටයුතු අමාත්‍ය, මංගල සමරවීර මැතිතුමා සහභාගී විය.  “සාමකාමී ,ස්ථාවර හා සෞභාග්‍යමත් ඉන්දියානු සාගර කලාපයක් සඳහා වූ සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීම” යන තේමාව යටතේ මෙම රැස්වීම පවත්වනු ලදී.

ඉන්දියානු වටද්දර සංගමයේ අනාගත වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡාවේදී කථා කරමින්, කැපවීම් සහ අනාගත දිරිගැන්වීම් සඳහා දේශපාලන නායකත්වය ලබාදීම මගින් වැදගත් භූමිකාවක් රඟ දැක්වීමට ඉන්දියානු වටද්දර රටවල සංගමයේ නායකයින්ගේ අඛණ්ඩ සහභාගිත්වය ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව මංගල සමරවීර මැතිතුමා විසින් හුවා දක්වන ලදී. එය වඩාත් සාධනීය අයුරින් විවිධ මට්ටම්වලදී කොටස්කරුවන් සමග සම්බන්ධවීමට ඉන්දියානු වටද්දර සංගමය මහෝපකාරී වන අතර එමගින් සාමාජික රටවල් අතර අන්තර් ක්‍රියාකාරිත්වය හා සහභාගිත්වය වැඩි වැඩියෙන් දිරිගැන්වීම සඳහා යාන්ත්‍රණයන් සොයා බැලීමට හැකිවෙනු ඇත.

ත්‍රස්තවාදය මුල්වන හිංසාකාරී අන්තවාදයට විරුද්ධ වීම පිළිබඳ ඉන්දියානු සාගර වටද්දර සංගමයේ ප්‍රකාශය පිළිගැනීමේදී ඉන්දියානු සාගර කලාපයේ සාමයට හා සෞභාග්‍යයට තර්ජනයක් විය හැකි ඕනෑම ආගමික, වාර්ගික කණ්ඩායමක්, සංස්කෘතියක් හෝ ජාතියක් සමග සම්බන්ධ ඕනෑම ආකාරයක හිංසන අන්තවාදයට එරෙහිව කටයුතු කිරීම සඳහා සාමුහික වගකීම අමාත්‍යවරුන් සතුව පවතින බව මංගල සමරවීර මැතිතුමා අවධාරණයෙන් සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍යවරයා රැස්වීම අතරවාරයේදී ඉන්දියානු සාගර වටද්දර සංගමයේ රටවල්වල සෙසු සාමාජිකයින් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close