பிரேசிலில் உள்ள இலங்கைத் தூதரகம் 2022 டிசம்பர் 21ஆந் திகதி தூதரகத்தின் வர்த்தக மற்றும் சுற்றுலா ஊக்குவிப்பு முயற்சிகளின் ஒரு பகுதியாக இலங்கை சுற்றுலா, உணவு மற்றும் சிலோன் தேயிலையை ஊக்குவிப்பதற்காக பிரேசிலியாவை தளமாகக் கொண்ட அச்சிடப்பட்ட மற்றும் மின்னணு ஊடக ஊடகவியலாளர்களுடன் வலையமைப்பு அமர்வு ஒன்றை நடாத்தியது.
பிரேசிலுக்கான இலங்கைத் தூதுவர் சுமித் தசநாயக்க ஊடகவியலாளர்களிடம் ஆற்றிய உரையில், தற்போது இலங்கை தொற்றுநோய்க்கு முந்திய காலத்தின் ஸ்திரத்தன்மை நிலையை அடைந்துள்ளதாகவும், உலகம் முழுவதிலுமிருந்து அதிக எண்ணிக்கையிலான சுற்றுலாப் பயணிகளைப் பெறுவதற்கு நாடு தயாராக இருப்பதாகவும் தெரிவித்தார். இலங்கையை வர்த்தகம் மற்றும் சுற்றுலாத் தலமாக நாட்டின் ஏனைய நாடுகளுக்கு மத்தியில் மேம்படுத்துவதற்காக அவர் கூட்டத்திற்கு அழைப்பு விடுத்தார். கேள்வி பதில் அமர்வில் ஊடகவியலாளர்களுக்குப் பதிலளித்த தூதுவர் சுமித் தசநாயக்க, பிரேசில் ஊடகவியலாளர்கள் குழுவொன்றை இலங்கைக்கு வரவிருக்கும் நேரத்தில் அறிமுகம் செய்வதற்கான ஒரு சுற்றுப்பயணத்தை ஏற்பாடு செய்வதற்கான சாத்தியக்கூறுகள் குறித்து பேசினார்.
வரலாற்றை, தேயிலை இலைகளை கோப்பையில் கொண்டு வரும் செயன்முறை மற்றும் சிலோன் தேயிலையின் தனித்துவமான பண்புகளை எடுத்துக்காட்டி, தூதரகத்தின் அமைச்சர் ஆலோசகர் (வணிக) சிலோன் தேயிலை குறித்த ஒரு செயலமர்வை நடாத்தினார். இலங்கையின் இரவு உணவு மற்றும் தேநீர் சுவைபார்த்தலுடன் நிகழ்வு முடிவுற்றதுடன் இது பல்வேறு வகையான சிலோன் தேயிலைகளை மாதிரி செய்ய அழைக்கப்பட்டவர்களை அனுமதித்தது. விருந்தினர்கள் தமது சமூக ஊடகத் தளங்களில் நிகழ்வின் நேரடி புதுப்பிப்புகளைப் பகிர்ந்து கொண்டதுடன், இது அவர்களின் அதிக எண்ணிக்கையிலான சந்தாதாரர்களையும் பின்தொடர்பவர்களையும் சென்றடைந்தது.
உள்ள இலங்கைத் தூதரகம்
பிரேசில்
2022 டிசம்பர் 27
..............................
මාධ්‍ය නිවේදනය
බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය, ආහාර කලාව සහ ලංකා තේ ප්‍රවර්ධනය කිරීම සඳහා බ්‍රසීල මාධ්‍ය සමඟ ජාලගත වේ
බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, වෙළෙඳාම සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන්වල අංගයක් ලෙස ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය, ආහාර කලාව සහ ලංකා තේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බ්‍රසීලයේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවේදීන් සමඟ ජාලකරණ සැසියක් පැවැත්වී ය. එය 2022 දෙසැම්බර් 21 වැනි දින තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
මාධ්‍යවේදීන් අමතා සිය අදහස් පළ කළ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මැතිතුමා, ශ්‍රී ලංකාව මේ වන විට පූර්ව වසංගත යුගය තුළ ස්ථායිතා මට්ටමට පැමිණ ඇති බවත්, ලොව පුරා සිටින සංචාරකයන් විශාල සංඛ්‍යාවක් පිළිගැනීමට මෙරට සූදානමින් පසුවන බවත් සඳහන් කළේ ය. තවද එතුමා වෙළෙඳ සහ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව අනෙකුත් රටවල් අතර ප්‍රවර්ධනය කිරීම සඳහා එක් වන ලෙස පැමිණ සිටි පිරිසට ආරාධනා කළේ ය. ප්‍රශ්නෝත්තර සැසිය අතරතුර මාධ්‍යවේදීන්ට ප්‍රතිචාර දැක්වූ තානාපති සුමිත් දසනායක මැතිතුමා, නුදුරු දිනක බ්‍රසීල මාධ්‍යවේදීන් පිරිසකට ශ්‍රී ලංකාව පිළිබඳව දැන හැඳිනගැනීම සඳහා සංචාරයක නිරත වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීමේ හැකියාව පිළිබඳව ද සඳහන් කළේ ය.
තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක (වාණිජ්‍ය) ලංකා තේවල ඉතිහාසය, නෙළා ගත් තේ දළුවලින් තේ කෝප්පයක් සකස් කිරීම තෙක් සිදු කරන ක්‍රියාවලිය සහ ලංකා තේවල සුවිශේෂී ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කරමින් කරමින් වැඩමුළුවක් පැවැත්වී ය. මෙම වැඩසටහන ශ්‍රී ලාංකික රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ තේ රස බැලීමේ වැඩසටහනක් පැවැත්වීමෙන් අනතුරුව අවසන් වූ අතර එහිදී විවිධ වර්ගයේ ලංකා තේ සාම්පලවල රස බැලීමට ආරාධිතයන්ට හැකි විය. පැමිණ සිටි ආරාධිතයන් සිය පුළුල් ග්රාහක සහ අනුගාමික පිරිස වෙත ළඟා වෙමින් සිය සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ මෙම වැඩසටහනේ සජීවී තොරතුරු යාවත්කාලීන කළහ.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බ්‍රසීලය
2022 දෙසැම්බර් 27 වැනි දින