දරුණු වසංගත තත්ත්වයක් හමුවේ වුව ද ගෝලීය ප්‍රජාව වශයෙන් අප සෑම රටක්ම ළමා අයිතිවාසිකම් සුරැකීමට හා ඔවුන්ට ප්‍රතිලාභ සැළසීමට කටයුතු කළ යුතුයි...- අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ -

දරුණු වසංගත තත්ත්වයක් හමුවේ වුව ද ගෝලීය ප්‍රජාව වශයෙන් අප සෑම රටක්ම ළමා අයිතිවාසිකම් සුරැකීමට හා ඔවුන්ට ප්‍රතිලාභ සැළසීමට කටයුතු කළ යුතුයි…- අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ –

දරුණු වසංගත තත්ත්වයක් හමුවේ වුව ද ගෝලීය ප්‍රජාව වශයෙන් අප සෑම රටක්ම ළමා අයිතිවාසිකම් සුරැකීමට කටයුතු කළයුතු අතර, ඔවුන් සඳහා ප්‍රතිලාභ සැලසීමට ක්‍රියා කළ යුතු බවත් ඒ සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට අරමුදල් සපයා ගැනීම සඳහා අනුග්‍රහය දැක්විය යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා එසේ පැවසුවේ අදට (2020.06. 27) යෙදී ඇති ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ 33 වැනි වාර්ෂික සැසිවාරය අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අමතමිනි.
ප්‍රධාන ආරාධිතයා ලෙස අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ වාර්ෂික සමුළුව ඇමතූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 'යළි පිබිදෙමු. ආපදාවන් ඉඩප්‍රස්ථාවන් ලෙස ගනිමු' යන්න මෙවර එම සමුළුවෙහි තේමාව ලෙස තෝරා ගැනීම ඉතාම කාලෝචිත බව පැවසීය.
එම සමුළුව ඇමතූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් පවසා සිටියේ යළි පිබිදීම සඳහා රටකට නොයෙකුත් අවස්ථාවන් හිමිවන නමුත් නවමු එමෙන්ම අසමසම සැළසුම් මඟින් සහ ඒවා ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම මඟින් එම යළි ගොඩනැඟීමේ මූලෝපායන් සාධනීය ඉඩප්‍රස්ථාවන් බවට පත් කරගැනීමට හැකි බවය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද පොදු රාමුවෙන් පරිබාහිරව අලුතෙන් සිතන ලෙසට සියලුම වගකීම් සහගත ආයතන සහ බලධාරින් වෙත දන්වා ඇති අතර, කොරෝනා වෛරසය හමුවේ අඩපණ වූ ශ්‍රී ලාංකේය ආර්ථිකය යළි ගොඩනැඟීමේ මෙහෙවර අප රටේ වෘත්තිකයන් විසින් මේ වන විටත් ඉටුකරමින් සිටින බවත් පෙන්වාදුන් අග්‍රමාත්‍යවරයා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රමුඛ කාර්යභාරයක් වෘත්තිකයන් හට පැවරෙන බවද පැවසීය.
ගෝලීය ප්‍රජාව විසින් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට හා ඔවුන් වෙනුවෙන් ප්‍රතිලාභ සැලසීම සඳහා අරමුදල් සපයා ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට අනුග්‍රහය දැක්විය යුතු බව මෙහිදී පවසා සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වසර දෙකක් වැනි කාලසීමාවක් සඳහා සියලුම සංවර්ධනය වෙමින් පවතින රටවලින් ණය මුදල් අයකර ගැනීම තාවකාලිකව අත්හිටුවීමට ජාත්‍යන්තර අරමුදල සහ ලෝක බැංකුව කටයුතු කිරීම මඟින් එය ඉටු කළ හැකි බව ද සඳහන් කර සිටියේය. අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේ එම ආයතන මඟින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සහනයක් සලසා දෙන්නේ නම් එම රටවල දරුවන්ට සහ පීඩිත ජනතාවට යහපත් ජීවන තත්ත්වය අත්පත්කර දීමට හැකිවන බවය.
විජයානන්ද හේරත්
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
Print Friendly, PDF & Email
Please follow and like us:

Close