கோவிட்-19 தடுப்பூசி ஒத்துழைப்பு குறித்த முதலாவது சர்வதேச மன்றத்தில் உலகளாவிய தடுப்பூசி ஒத்துழைப்பை வெளிநாட்டு அமைச்சர் குணவர்த்தன வலியுறுத்தல்

 கோவிட்-19 தடுப்பூசி ஒத்துழைப்பு குறித்த முதலாவது சர்வதேச மன்றத்தில் உலகளாவிய தடுப்பூசி ஒத்துழைப்பை வெளிநாட்டு அமைச்சர் குணவர்த்தன வலியுறுத்தல்

 

 

 

 

 

 

 

 

විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා 2021 අගෝස්තු 05 වැනි දින පැවති කොවිඩ් -19 එන්නත් සහයෝගීතාව පිළිබඳ පළමු ජාත්‍යන්තර සමුළුව අමතමින්, තිරසාර සංවර්ධන ඉලක්ක අංක 3 ට අනුකූලව සැමට ආරක්ෂිත, කාර්‍යක්‍ෂම, ගුණාත්මක හා දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය ඖෂධ සහ එන්නත් ලබා ගැනීම සහතික කිරීම පිණිස, සෑම කෙනෙකුටම ලබා ගත හැකි සහ දැරිය හැකි මිලකට කොවිඩ්-19 එන්නත් ලබා දීමට රටවල් අතර සමීප සහයෝගීතාවයක් ඇති කර ගැනීම සඳහා ගෝලීය උත්සාහයන් වැඩිදියුණු කරන ලෙස ඉල්ලා සිටියේය.

වයස අවුරුදු 30 ට වැඩි ජනගහනයෙන් 90% කට වඩා වැඩි ප්‍රමාණයකට පළමු එන්නත ලබා දීම තුළින් ශ්‍රී ලංකා රජය ලද සාර්ථකත්වය ඉස්මතු කරන අතරම, ලොව පුරා එන්නත් ලබා දීමේ වැඩසටහන්වල තවමත් සැලකිය යුතු අසමානකම් පවතින බවත්, කොවිඩ්-19 වසංගතය සාර්ථකව පරාජය කිරීම සඳහා ඊට පිළියම් යෙදිය යුතු බවත් විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන්, ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ට, විශේෂයෙන් චීනය විසින් ශ්‍රී ලංකාවේ එන්නත් කිරීමේ ව්‍යාපාරය සඳහා සිනෝෆාම් මිලියන 2.7 ක එන්නත් ද ඇතුළුව එන්නත් මිලියන 10 කට වඩා වැඩි ප්‍රමාණයක් කාලෝචිතව සැපයීම වෙනුවෙන් අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ස්තූතිය පුද කළේය.

එන්නත් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා පර්යේෂණ සහ නිෂ්පාදන වැඩි දියුණු කිරීම පිණිස සමීප සහයෝගීතාවයක් ඇති කරන ලෙස ද විදේශ අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සංසදයට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, රටවල් 24 ක විදේශ අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යවරුන්, GAVI හා CEPI යන ආයතනවල නියෝජිතයින් සහ එන්නත් නිෂ්පාදකයින් ද සහභාගී වූහ. රැස්වීමෙන් අනතුරුව, සහභාගී වූවන් විසින් එන්නත් සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් ද නිකුත් කරන ලදී.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 අගෝස්තු 06 වැනි දින

............................................

එන්නත් සහයෝගීතාව පිළිබඳ පළමු ජාත්‍යන්තර සමුළුවේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් කරන ලද ප්‍රකාශය 2021 අගෝස්තු 05 වැනි දින

මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය ගරු වැන්ග් යි මැතිතුමනි,
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්තුමනි,
සම්භාවනීය විදේශ හා සෞඛ්‍ය අමාත්‍යවරුනි,
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමනි,
නෝනාවරුනි මහත්වරුනි,

කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සහ වසංගතයෙන් පසු ආර්ථික ප්‍රතිසාධනය වේගවත් කිරීම සඳහා දැනට පවතින එකම තිරසාර විසඳුම එන්නත පමණක් වන පසුබිමක් තුළ, එන්නත් සහයෝගීතාව පිළිබඳ පළමු ජාත්‍යන්තර සමුළුවේ කාලෝචිත රැස්වීම ඇමතීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙමි.

මේ සම්බන්ධයෙන්, 2021 මැයි මාසයේ පැවති ගෝලීය සෞඛ්‍ය සමුළුවේ දී අතිගරු ජනාධිපති ෂී ජින් පින්ග් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද වැදගත් යෝජනාවලට අනුව අද දින සමුළුව කැඳවීම පිළිබඳව අපගේ සමීපතම මිත්‍රයා සහ හවුල්කරුවා වන මහජන චීන සමූහාණ්ඩුවට ස්තූති කිරීමට මම කැමැත්තෙමි.

සම්භාවනීය නෝනාවරුනි මහත්වරුනි,

මෙම වසංගතය සාර්ථකව මැඩපැවැත්වීම සඳහා කල් තබා එන්නත ලබා දීමේ වැදගත්කම හඳුනා ගනිමින්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඍජු මඟ පෙන්වීම සහ නායකත්වය යටතේ 2021 පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාව සිය එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කළාය.

පසුගිය සතිය තුළ දී, එන්නත් ලබා දීම පිළිබඳ ඉහළම දෛනික සාමාන්‍යයන්ගෙන් එකක් ලෙස සෑම දිනකම 500,000 කට අධික මාත්‍රා සංඛ්‍යාවක් ලබා දෙමින්, ශ්‍රී ලංකාව සිය එන්නත් කිරීමේ වැඩසටහන තුළ අතිවිශාල සාර්ථකත්වයක් අත්කර ගෙන තිබේ.

2021 අගෝස්තු 4 වැනි දින වන විට, වයස අවුරුදු 30 ට වැඩි ජනගහනයෙන් 91.2% කට ආසන්න ප්‍රමාණයක් එන්නත් කර ඇති අතර, අපගේ අරමුණ වන්නේ 2021 සැප්තැම්බර් මාසය වන විට වයස අවුරුදු 30 ට වැඩි සියලුම පුද්ගලයින්ට පූර්ණ වශයෙන් එන්නත ලබා දීමයි.

මේ සම්බන්ධයෙන්, අපගේ ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ට ශ්‍රී ලංකාව අවංකවම ස්තූතිය පුද කරන අතර, විශේෂයෙන් චීනය විසින් නොමසුරුව සිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 8 කට වඩා සැපයීම, සිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 2.7 ක් නොමසුරුව පරිත්‍යාග කිරීම සහ කාලෝචිත ලෙස සෞඛ්‍ය උපකරණ සැපයීම මඟින් අපගේ එන්නත්කරණ ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා ඉමහත් දායකත්වයක් ලබා දී ඇත.

සම්භාවනීය නෝනාවරුනි මහත්වරුනි,

විවිධ වසංගත ප්‍රභේද මතුවීම හේතුවෙන් වර්ධනය වෙමින් පවතින අවදානම් තත්ත්ව හේතුවෙන් ලෝකය මුහුණ පා ඇති පෙර නොවූ විරූ අභියෝග ජය ගැනීම පිණිස, කොවිඩ්-19 වසංගතය තිරසාර ලෙස පරාජය කිරීම සහතික කිරීම සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන් වෙත අපගේ සහය සහ සහයෝගීතාව ලබා දීම සඳහා ජාත්‍යන්තර සහයෝගිතාව සහ එකමුතුව අත්‍යවශ්‍ය වේ.

කොවිඩ්-19 එන්නත් කරා සැමට සාධාරණව ප්‍රවේශ විය හැකි පරිදි එන්නත් පර්යේෂණ, සංවර්ධනය සහ බෙදා හැරීම සඳහා හවුල් සහයෝගීතාවයන් ශක්තිමත් කිරීම ඉතා වැදගත් කරුණකි. කෙසේ වෙතත්, සැපයුම හා සම්පත් පිළිබඳ දැඩි බාධාවන්, සංවර්‍ධනය වෙමින් පවතින රටවල එන්නත ලබා දීමේ ක්‍රියාවලියට බලපා තිබේ.

අපගේ සමාජ සංවිධාන, රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, පර්යේෂණ සංවිධාන සහ ජනතාව යන සියළුම අංශ සමඟ සමීප සහයෝගය මඟින් ද සාර්ථකත්‍වය ශක්තිමත් කෙරේ. කොවිඩ්-19 රැල්ලෙන් කිසිදු රටක් පරිවරණය වී නොමැති බැවින්, අපගේ සහයෝගීතාව අත්‍යවශ්‍ය වේ.

එබැවින්,

  1. සැමට ආරක්‍ෂිත, කාර්‍යක්‍ෂම, ගුණාත්මක හා දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය ඖෂධ සහ එන්නත් ලබා ගැනීම සහතික කිරීම සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක අංක 3 ට අනුව කොවිඩ්-19 එන්නත්, සෑම කෙනෙකුටම ලබා ගත හැකි සහ දැරිය හැකි මිලකට ලබා දීම,
  2. කොවැක්ස් යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ එම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා එන්නත් නිපදවන රටවල් එයට සහභාගී වීම දිරිමත් කිරීම,
  3. සෞඛ්‍යය සහ කොවිඩ්-19 වෛරසයෙන් ආරක්‍ෂාව ලබා ගැනීම පිණිස, එන්නත් නිපදවීම සඳහා හැකියාව ඇති රටවල් විසින් එසේ කිරීම සඳහා පහසුකම් සැලසීම,
  4. එන්නත් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය පවත්වා ගැනීම සහ නිෂ්පාදන වැඩි දියුණු කිරීම පිළිබඳ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම

සඳහා වන ඉල්ලීම යළි අවධාරණය කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

කොවිඩ්-19 පරාජය කිරීමේ වැඩසටහන තුළ අපගේ ජනතාවට සහ ලොව පුරා සිටින සියලු ජනතාවන්ට ලබා දුන් ඉමහත් ශක්තිය වෙනුවෙන් අපි චීනයට ස්තූතිවන්ත වන්නෙමු.

ඒකාබද්ධ ප්‍රකාශය වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින අතර, අපගේ සියලු ජාතීන්ගේ සමෘද්ධිය උදෙසා මෙම අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා සියලු හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරයි.

ස්තුතියි!

.......................................................

ஊடக வெளியீடு

மெய்நிகர் ரீதியாக இடம்பெற்ற கோவிட்-19 தடுப்பூசி ஒத்துழைப்பு குறித்த முதலாவது சர்வதேச மன்றத்தில் 2021  ஆகஸ்ட் 05ஆந் திகதி உரையாற்றிய வெளிநாட்டு அமைச்சர் குணவர்தன, பாதுகாப்பான, பயனுள்ள, தரமான மற்றும் மலிவு விலையில் அத்தியாவசிய மருந்துகள் மற்றும் தடுப்பூசிகளை அனைவரும் அணுகுவதை உறுதி செய்வதற்கான நிலையான அபிவிருத்தி இலக்கு 3 க்கு அமைய, அனைவருக்கும் கோவிட்-19 தடுப்பூசிகள் கிடைப்பதற்கும், மலிவு விலையில் வழங்குவதற்குhக நாடுகளுக்கு இடையே நெருக்கமான ஒத்துழைப்பை ஏற்படுத்துவதற்கு உலகளாவிய முயற்சிகளை மேம்படுத்த வேண்டும் என அழைப்பு விடுத்தார்.

30 வயதுக்கு மேற்பட்ட 90% மக்கள் தொகையினருக்கு தடுப்பூசியை செலுத்தியிருப்பதிலான இலங்கை அரசாங்கத்தின் வெற்றியை முன்னிலைப்படுத்திய வெளிநாட்டு அமைச்சர், கோவிட்-19 தொற்றுநோயை வெற்றிகரமாக தோற்கடிப்பதற்காக உலகெங்கிலும் உள்ள தடுப்பூசித் திட்டங்களில் குறிப்பிடத்தக்க ஏற்றத்தாழ்வுகள் இன்னும் இருப்பதாக  சுட்டிக் காட்டினார்.

அந்த வகையில், இலங்கையின் தடுப்பூசித் திட்டத்திற்காக 2.7 மில்லியன் சினோபார்ம் தடுப்பூசிகள் உட்பட 10 மில்லியன் தடுப்பூசிகளை நேரடியாக வழங்கியமைக்காக இருதரப்பு மற்றும் சர்வதேசப் பங்காளிகளுக்கு, குறிப்பாக  சீனாவிற்கு அமைச்சர் குணவர்தன நன்றிகளைத் தெரிவித்தார்.

தடுப்பூசி உற்பத்தித் தரத்தைப் பராமரிப்பதற்காக ஆராய்ச்சி மற்றும் தயாரிப்பு விரிவாக்கத்தில் நெருக்கமான  ஒத்துழைப்பை வெளிநாட்டு அமைச்சர் வலியுறுத்தினார்.

சீன வெளிநாட்டு அமைச்சர் வாங் யி அவர்களின் தலைமையில் இடம்பெற்ற இந்த மன்றத்தில், ஐ.நா. செயலாளர்  நாயகம், சர்வதேச சுகாதார தாபனத்தின் பணிப்பாளர் நாயகம், 24 நாடுகளின் வெளிநாட்டு அமைச்சர்கள் மற்றும் சுகாதார அமைச்சர்கள், ஜீ.ஏ.வி.ஐ, சி.இ.பி.ஐ. மற்றும் தடுப்பூசி உற்பத்தியாளர்களின் பிரதிநிதிகள் கலந்து கொண்டனர். இந்த சந்திப்பைத் தொடர்ந்து, தடுப்பூசி ஒத்துழைப்பை முன்னேற்றுவதற்கான கூட்டு அறிக்கையொன்று பங்கேற்பாளர்களால் வெளியிடப்பட்டது.

வெளிநாட்டு அமைச்சு

கொழும்பு

2021 ஆகஸ்ட் 06

............................................

தடுப்பூசி ஒத்துழைப்பு குறித்த முதலாவது சர்வதேச மன்றத்தில் இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் கௌரவவெளிநாட்டு அமைச்சர் தினேஷ் குணவர்த்தன (பாராளுமன்ற உறுப்பினர்அவர்களின் அறிக்கை

2021 ஆகஸ்ட் 05

மக்கள் சீனக் குடியரசின் மாநில சபை அங்கத்தவர் மற்றும் வெளிநாட்டு அமைச்சர் கௌரவ. வாங் யி அவர்களே,
ஐ.நா. பொதுச் செயலாளர் அவர்களே,
மரியாதைக்குரிய வெளிநாட்டு மற்றும் சுகாதார அமைச்சர்களே,
உலக சுகாதாரத் தாபனத்தின் பணிப்பாளர் நாயகம் அவர்களே,
கனவான்களே மற்றும் கனவாட்டிகளே,

கோவிட்-19 வைரஸ் பரவுவதைத் தடுப்பதற்கும், தொற்றுநோய்க்குப் பிந்தைய பொருளாதார மீட்சியை விரைவுபடுத்துவதற்கும் தடுப்பூசி மட்டுமே நிலையான தீர்வாக இருக்கும் என்ற வகையில் சரியான நேரத்திலான சந்திப்பாக  அமையும் தடுப்பூசி ஒத்துழைப்புக்கான முதலாவது சர்வதேச மன்றத்தில் உரையாற்றுவதில் நான் மகிழ்ச்சியடைகின்றேன்.

இது சம்பந்தமாக, மே 2021 இல் உலகளாவிய சுகாதார உச்சிமாநாட்டில் அதிமேதகு ஜனாதிபதி ஸி ஜின்பிங் முன்வைத்த முக்கியமான முன்மொழிவுகளைத் தொடர்ந்து இன்றைய மன்றத்தைக் கூட்டிய எமது நெருங்கிய நட்பு நாடான  மக்கள் சீனக் குடியரசிற்கு நன்றிகளைத் தெரிவிக்க விரும்புகின்றேன்.

மேன்மை தங்கியவர்களே,

தொற்றுநோயை வெற்றிகரமாகக் கட்டுப்படுத்துவதற்காக ஆரம்பகாலத்திலான தடுப்பூசியின் முக்கியத்துவத்தை  உணர்ந்த இலங்கை, ஜனாதிபதி அதிமேதகு கோட்டாபய ராஜபக்ஷ அவர்களின் நேரடி வழிகாட்டல் மற்றும் தலைமைத்துவத்தின் கீழ் 2021 பெப்ரவரி மாதத்தில் தனது தடுப்பூசி இயக்கத்தைத் தொடங்கியது.

கடந்த வாரத்தில் நாளொன்றுக்கு 500,000 க்கும் அதிகமான டோஸ்கள் வழங்கப்பட்டுள்ள வகையில், தடுப்பூசிகள் ஏற்றப்படும் மிக உயர்ந்த நாளாந்த சராசரியாக இலங்கை தனது தடுப்பூசித் திட்டத்தில் மிகப்பெரிய வெற்றியை  அடைந்துள்ளது.

2021 ஆகஸ்ட் 04ஆந் திகதிய நிலவரப்படி, 30 வயதிற்கு மேற்பட்ட மக்கள்தொகையில் கிட்டத்தட்ட 91.2% ஆனோருக்கு தடுப்பூசி செலுத்தப்பட்டிருப்பதுடன், 2021 செப்டம்பர் மாதத்துக்குள் 30 வயதுக்கு மேற்பட்ட அனைவருக்கும் முழுமையாக தடுப்பூசி செலுத்துவதை  நோக்கமாகக் கொண்டுள்ளோம்.

இது சம்பந்தமாக, எமது தடுப்பூசி இயக்கத்தின் வெற்றிக்கு மகத்தான வகையில் பங்களிப்புச் செய்த சீனாவின் 8 மில்லியனுக்கும் அதிகமான சினோபார்ம் தடுப்பூசிகள் மற்றும் 2.7 மில்லியன் தடுப்பூசிகளின் தாராளமான பங்களிப்பு  மற்றும் சுகாதார உபகரணங்களை சரியான நேரத்தில் வழங்கியமைக்காக எமது இருதரப்பு மற்றும் சர்வதேசப் பங்காளிகளுக்கு, குறிப்பாக சீனாவிற்கு இலங்கை உண்மையாக நன்றிகளைத் தெரிவிக்க விரும்புகின்றது.

மேன்மை தங்கியவர்களே,

கோவிட்-19 தொற்றுநோயின் நிலையான தோல்வியை உறுதி செய்ய சர்வதேச ஒத்துழைப்பும் ஒற்றுமையும்  அவசியமாவதுடன், அபிவிருத்தியடைந்துவரும் வெவ்வேறு வகைகளினாலான தோற்றத்திற்கான அபாயங்கள் காரணமாக உலகம் எதிர்கொள்ளும் முன்னோடியில்லாத சவால்களை சமாளிப்பதற்காக உலக சுகாதார தாபனம் மற்றும் ஐ.நா. வுக்கு எமது ஆதரவையும் ஒத்துழைப்பையும் வழங்குவதை உறுதிப்படுத்தல் வேண்டும்.

கோவிட்-19 தடுப்பூசிகளை அனைவரும் சமமாக அணுகிக் கொள்வதற்காக தடுப்பூசிகளின் ஆராய்ச்சி, அபிவிருத்தி  மற்றும் விநியோகம் ஆகியவற்றில் கூட்டு ஒத்துழைப்புக்களை வலுப்படுத்துவது மிகவும் முக்கியமானதாகிவிட்டது. இருப்பினும், கடுமையான வழங்கல் மற்றும் வளக் கட்டுப்பாடுகள் அபிவிருத்தியடைந்து வரும் பல நாடுகளின் தடுப்பூசி இயக்கங்களைப் பாதித்துள்ளன.

அரச துறை, தனியார் துறை, ஆராய்ச்சி நிறுவனங்கள் மற்றும் மக்கள் ஆகிய எமது சமுதாயங்களின் அனைத்து  துறைகளுடனும் நெருக்கமான ஒத்துழைப்பதால் வெற்றி பலப்படுத்தப்படும். கோவிட்-19 அலையில் இருந்து எந்த நாடும் பாதுகாக்கப்படாததால் எமது ஒத்துழைப்பு அவசியமாகும்.

எனவே

Print Friendly, PDF & Email
Please follow and like us:

Close