සීෂෙල්ස් උප ජනාධිපතිවරයා 2019 ජනවාරි 30 සිට පෙබරවාරි 02 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක

සීෂෙල්ස් උප ජනාධිපතිවරයා 2019 ජනවාරි 30 සිට පෙබරවාරි 02 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක

 

ශ්‍රී ලංකා රජය විසින් සීෂෙල් රජය වෙත පරිත්‍යාග කරන වේව් රයිඩර් මුරසංචාර නෞකා ද්විත්වය භාරගැනීම වෙනුවෙන් 2019 ජනවාරි 30 වැනි බදාදා දින සීෂෙල්ස් ජනරජයේ උප ජනාධිපති වින්සන්ට් මෙරිටෝන් ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී. මෙම මුර සංචාර නෞකා භාරදීමේ උත්සවය 2019 පෙබරවාරි 01 වැනි දින කොළඹ වරායේ පිහිටි බටහිර නාවුක අණ දෙන මූලස්ථානයේ දී පවත්වනු ඇත.

ශ්‍රී ලංකාව හා සීෂෙල්ස් රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර තිහක් (30) පිරීමට සමඟාමීව 2018 ඔක්තෝබර් මාසයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එරට සිදුකරන ලද රාජ්‍ය සංචාරයේ දී සීෂෙල්ස්හී ජනාධිපතිවරයා සමග පවත්වන ලද ද්විපාර්ශ්වීය සාකච්ඡා අතරතුර දී සීෂෙල්ස් හී ජනාධිපති ඩැනී ෆෝරේ විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නෞකා ද්විත්වය සීෂෙල්ස් ජනරජය වෙත පරිත්‍යාගය කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන ලදී.

මෙම මුරසංචාර නෞකා ඉදිකිරීමේ කටයුතු ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් භාරගත් අතර,  ජනාධිපතිතුමාගේ හා විදේශ කටයුතු අමාත්‍යාංශ, ආරක්ෂක අමාත්‍යාංශ, මුදල් අමාත්‍යාංශ, වරාය හා නාවුක අමාත්‍යාංශ නිලධාරීන් හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජනාධිපති ලේකම්, කොළඹ වෙසෙන සීෂෙල්ස් මහකොමසාරිස්වරයාගේ සහභාගීත්වයෙන් පෙබරවාරි 01 වැනි දින පවත්වනු ඇත.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 ජනවාරි 31 වැනි දින
Print Friendly, PDF & Email
Please follow and like us:

Close