චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය සුන් හයියන් මහත්මිය, ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා වැඩිදියුණු කිරීමේ අරමුණින් සිව්දින නිල සංචාරයක් සඳහා 2024 නොවැම්බර් 23 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණියාය.
උප අමාත්‍ය සුන් හයියන් මහත්මිය 2024 නොවැම්බර් 25 වැනි දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් බැහැදුටු අතර එහිදී ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ දෙරට අතර සබඳතා වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. මෙම සංචාරයේදී චීන උප අමාත්‍යවරිය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියද හමුවූවාය.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලින් තාඕ සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලී ජින්යන් යන මහත්වරු උප අමාත්‍ය සුන් හයියන් මහත්මිය සමඟ මෙම සංචාරයට එක්ව සිටියහ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2024 නොවැම්බර් 27 වැනි දින