එක්සත් ජාතීන්ගේ නව නේවාසික සම්බන්ධීකාරකවරිය අක්ත පත්‍ර ප්‍රදානය කරයි

එක්සත් ජාතීන්ගේ නව නේවාසික සම්බන්ධීකාරකවරිය අක්ත පත්‍ර ප්‍රදානය කරයි

Image UNDP

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නව නේවාසික සම්බන්ධීකාරිකා හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත හනා සිංගර් මහත්මිය, 2018 සැප්තැම්බර් 05 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්ත පත්‍ර ප්‍රදානය කළාය.

සිංගර් මහත්මිය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ වසර 27 ක් සේවය කර ඇති අතර දකුණු ආසියාව ඇතුළු විවිධ කලාපවල මානුෂීය ආධාර ක්ෂේත්‍රයට අදාළව වසර 15 කට වැඩි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ අත්දැකීම් ලබා ඇත . ඇය සිරියාව, නේපාලය, කසක්ස්ථානය සහ අසර්බයිජානය යන රටවල එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිතවරිය ලෙස ද සේවය කර තිබේ.

2018 සැප්තැම්බර් 07 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close