“වෙනස්වන සංචාරක උපදේශනවලට සාධාරණ හේතුවක් නැතැ”යි විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා කියයි

“වෙනස්වන සංචාරක උපදේශනවලට සාධාරණ හේතුවක් නැතැ”යි විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා කියයි

????????????????????????????????????

පසුගියදා ඇතිවූ සිද්ධීන්වලින් අනතුරුව රටේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හෝ කඩාකප්පල්කාරී ක්‍රියා හට නොගත් බැවින්, මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් රටවල් කිහිපයක් විසින් නිකුත් කොට ඇති සංචාරක උපදේශනවලට (Travel Advisories) සාධාරණ හේතුවක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවැසීයසංචාරක ක්ෂේත්‍රය කිසිදු අපහසුතාවකට ලක් වී නොමැත.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මෑතකදී නිකුත් කරනු ලැබූ සංචාරක උපදේශන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරටට සංචාරකයන් රැගෙන එන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හා වෙනත් විදේශීය ගුවන් සේවාවල නියෝජිතයන් හමුවූ අවස්ථාවේදීය. සංචාරක කර්මාන්තය ආරක්ෂා කොට වැඩිදියුණු කිරීම සඳහා රජය පූර්ණ ලෙස ඇපකැපවී සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

සාමාන්‍යයෙන් පැමිණෙන ගුවන්යානාවලට අමතරව, ලොව ප්‍රමුඛතම සංචාරක මෙහෙයුම් සමාගමක් වන  TUI ගුවන් සමාගම කොළඹට එක් සතියකට විශේෂ ගුවන් ගමන්වාර 03 ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, ඊට අමතරව සංචාරකයන් වැඩිපුර පැමිණෙන වාරයේදීTUI සමාගමේ සුඛෝපභෝගී මගී නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛ පෙළේ නියෝජිතයෝ අමාත්‍යවරයාට දැනුම් දුන්හ. රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් සේවය 2018 ඔක්තෝබර් 28 වැනිදා සිට මොස්කව් නුවර සිට කොළඹ දක්වා ඍජු ගුවන් ගමන් ආරම්භ කළ බවත්, ස්විස් ගුවන් සේවය 2018 නොවැම්බර් 04 වැනිදා සිට සූරිච් නුවර සිට කොළඹ බලා සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බවත් ඔවුහු අමාත්‍යවරයාට දැනුම් දුන්හමේ අතර, ලොව ප්‍රමුඛ පෙළේ සංචාරක මාර්ගෝපදේශක ග්‍රන්ථ ප්‍රකාශකයකු වන ලෝන්ලි ප්ලැනට් ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස මෑතකදී නම් කොට තිබේ. මෙරට සංචාරය කරන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කරන අයුරු නැරඹීමට එක්සත් රාජධානියේ සිට පැමිණි ක්‍රීඩාලෝලීන් 4000 ක් පමණ දැනට ශ්‍රී ලංකාවේ සිටින බවද ප්‍රකාශ වියඑය රටේ පවතින සාමකාමී වාතාවරණයට සාක්ෂියක් වන අතර, දිවයින පුරා පිහිටි සංචාරක වශයෙන් වැදගත් ස්ථානවලට සංචාරකයෝ කිසිදු බාධාවකින් තොරව පිවිසෙති.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කොට ඇති සංචාරක උපදේශන, රටේ පවතින සැබෑ තත්ත්වය පැහැදිලි කරදීමෙන් ඉවත් කර ගැනීම සඳහා අදාළ රටවල්වල බලධාරීන්ට පෞද්ගලිකවම කරුණු දක්වන ලෙසට එම රටවල්වලට අක්ත ගන්වා සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන්ට තමන් සිය වර්තමාන ධුරයට පත් වූ තැන් පටන් උපදෙස් ලබා දුන් බවද අමාත්‍යවරයා පැවැසීය.  මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රවර්ධනය කිරීම පිණිස, දිවයිනේ පවතින සාමකාමී වාතාවරණය සම්බන්ධයෙන් එම රටවල්වල සිටින ප්‍රමුඛ පෙළේ සංචාරක නියෝජිතයන් හා මෙරටට සංචාරකයන් එවන ව්‍යාපාරිකයන් සමඟද එම දූත මණ්ඩල ප්‍රධානීන් නිරන්තරයෙන් සබඳතා පවත්වාගනු ඇත.සංචාරක ප්‍රවර්ධනය විදේශ කටයුතු අමාත්‍යාංශ කාර්ය වැඩසටහනේ ප්‍රධාන අංගයක් බවට පත් කිරීමට තමන් සැලසුම් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්‍ය්‍යසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූද මෙම රැස්වීමට සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 

2018 නොවැම්බර් 02 වැනිදා 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close