මිනිස් ජාවාරමට ගොදුරුවී මියන්මාරයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් තිස් දෙදෙනකු (32) සාර්ථක, සම්බන්ධීකරණ ක්‍රියාවලියකින් පසුව, නොවැම්බර් 25 වැනි දින බේරාගනු ලැබිණි. මුදාගත් ශ්‍රී ලාංකිකයන් සයිබර් අපරාධ මෙහෙයුම්වලට සම්බන්ධ මිනිස් ජාවාරම්වලට ගොදුරුවී සිට ඇත.
කඩිනමින් ඔවුන් ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරනු ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ තායිලන්තයේ සහ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරු මෙම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කළහ. ජාවාරමට ලක් වූ ශ්‍රී ලාංකිකයන්ගේ පවුල් නියෝජනය කළ පූජ්‍ය මාලිගාවිල අස්සජි හිමියෝ ද මෙම ක්‍රියාවලියට සම්බන්ධ වූහ.
ගලවා ගැනීමේ මෙහෙයුමට සහය වීම සඳහා මියන්මාර සහ තායිලන්ත රජයන් වෙත කඩිනමින් නියෝජිතයන් ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රී ලංකා තානාපතිවරු මේ සම්බන්ධයෙන් අදාළ රජයන් සම්බන්ධ කර ගන්නා ලෙසත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය සතියේදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
කාන්තාවන් 08 දෙනකු සහ පිරිමි පුද්ගලයන් 24 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලාංකිකයින් තිස් දෙදෙනකු (32) නොවැම්බර් 25 වැනි දින මෑසොට් දේශසීමාව හරහා ආරක්ෂිතව රැගෙන එනු ලැබූ අතර තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිතුමිය විසින් ඔවුන් පිළිගනු ලැබීය. ඔවුන් දැනට තායිලන්තයේ තක් ප්‍රදේශයේ රඳවා සිටින අතර ඔවුන්ගේ සුබසාධන අවශ්‍යතා සම්පූර්ණ කර ඇත.
මෙම මුදා ගැනීම 2024 අප්‍රේල් සහ 2024 අගෝස්තු යන මාසවලදී සිදුවූ තවත් මුදාගැනීමේ මෙහෙයුම් දෙකකට පසුව සිදුවූ අතර, එහිදී මියන්මාර සහ තායිලන්ත රජයන් සමඟ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලාංකිකයන් 28 දෙනකු බේරා ගනු ලැබිණි.
මිනිස් ජාවාරම්වල ගොදුරු බවට පත් නොවීම සඳහා බලයලත් ක්‍රියා පටිපාටිවලට අනිවාර්යයෙන් අනුගත වන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි. ඔවුන් විදේශ රැකියා ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ ඔවුන්ගේ රැකියා අවස්ථා හෝ දීමනා තහවුරු කර ගැනීම සිදුකළ යුතුය. තොරතුරු සඳහා http://www.slbfe.lk යන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියට පිවිසෙන්න; නැතහොත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංක 1989 ( පැය24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානය) අමතන්න.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
2024 නොවැම්බර් 25 වැනි දින