රවිනාථ ආර්‍ය්‍යසිංහ මහතා

ලේකම් , විදේශ කටයුතු අමාත්‍යාංශය

ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන තානාපති රවිනාථ ආර්‍ය්‍යසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාරගත්තේය.
ආර්‍ය්‍යසිංහ මහතා මීට පෙර 2018 අප්‍රේල් මස සිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු හා වෙළෙඳාම පිළිබඳ අතිරේක ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය.1988 වසරේ ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳුණු ඒ මහතා, නව දිල්ලියේ දෙවැනි ලේකම්වරයා ලෙසත් (1989-1991), වොෂිංටන් නුවර නියෝජ්‍ය තානාපතිවරයා ලෙසත් (2002-2006) කටයුතු කළේය. 2008 අප්‍රේල් සිට 2012 ජුනි දක්වා කාලයේ බෙල්ජියමේ හා ලක්සම්බර්ග්හි ශ්‍රී ලංකා තානාපතිවරයා මෙන්ම, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද ඒ මහතා කටයුතු කළේය. ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස හා ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස 2012 ජුලි මස සිට 2018 මාර්තු මස දක්වා කටයුතු කළ ආර්‍ය්‍යසිංහ මහතා ඊට සමගාමීව වතිකානුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද සේවය කළේය. ආර්‍ය්‍යසිංහ මහතා 1995 – 2000 හා 2007 – 2008 යන කාලය තුළ පොදු සන්නිවේදන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරද හෙබවීය.

Close